උතුරු පාකිස්තානයේ ඉන්දු ගඟට බස් රථයක් පෙරලීමෙන් පුද්ගලයන් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අධික වේගයෙන් ගමන් ගත් බස් රථය රියදුරුට පාලනය කර ගත නොහැකි වීමෙන් මෙම අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
මංගල සාදයක් සඳහා ගමන් කරමින් සිටි පිරිසක් මෙලෙස අනතුරට පත්ව ඇති අතර, එහි මංගල යුවලද සිට ඇති බව එම මාධ්‍ය වාර්තා වල වැඩිදුරටත් සඳහන් කර තිබේ.