පාලන මිලට වඩා වැඩි මිලකට භාණ්ඩ අලෙවි කළ වෙළෙඳුන් සියලුම දෙනාම ලබන සතියේ සිට අදාළ බලප්ර‘දේශවල අධිකරණවලට ඉදිරිපත් කරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි.
පසුගිය 14 වැනිදා සිට රජය විසින් ප්රකාශයට පත් කළ භාණ්ඩ 16ක උපරිම සිල්ලර මිලට වඩා වැඩි මුදලට භාණ්ඩ අලෙවි කරන වෙළෙඳුන්ට නීති මගින් කටයුතු කිරීම සඳහා ක්රියාත්මක කරන මෙහෙයුම අඛණ්ඩව සිදුකරන බවද එම අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා සඳහන් කළේය.
වැඩි මිලට භාණ්ඩ විකිණීමේ චෝදනාව මත වෙළෙඳුන් 250 කට ආසන්න ප්රචාරයක චෝදනා පත්ර භාරදී තිබෙන අතර, මෙම පිරිස් පාරිභෝගික පනත යටතේ අධිකරණවලට ඉදිරිපත් කිරීමට නියමිතය.