ශ්‍රී ලංකාවේ 24 වැනි කොවිඩ් මරණය වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.
කොළඹ 13 ප්‍ර දේශයේ පදිංචි අවුරුදු 79ක කාන්තාවක් ඊයේ (03දා) සිය නිවසේදී මියගොස් ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඇයට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
මෙම කාන්තාව මසකට අධික කාලයක් සිය නිවසේ රෝගි තත්ත්වයෙන් පසුවූ බවත් නිධන්ගත රෝගයන්ගෙන් පෙළුණ බවත් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
මෙම රෝගියා මිය යෑමට හේතුව කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් ඇතිවූ හෘදයාබාධ තත්ත්වයක් ලෙස දැක්වෙයි.