බදුල්ල සිට කොළඹ බලා අද 29 රාත්රී ධාවනය වෙමින් තිබූ දුම්රියක ගැටී විසිදෙක හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව ඇල්ල පොලිසිය පැවසීය.
හාලිඇල උඩුවර හැවන්කදුර පදිංචිව සිටි ඒ එම් තරිඳු චාමර නමැති විසි දෙක හැවිරිදි තරුණයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත් වී තිබේ. මෙම තරුණයා දුම්රියට පැන්නේ ද දුම්රියේ හැපුනේද යන්න සෙවීමට පරීක්ෂණ කරන බවද පොලිසිය පැවසීය.
ඇල්ල දුම්රිය ස්ථානයේ සිට බදුල්ල දෙසට මීටර් 200ක් පමණ දුරින් තිබියදී සිරුර හමුවී ඇත. ඇල්ල පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.