අම්බලන්ගොඩ ප්‍රදේශයේ රසායනාගාරයක සේවය කළ 22 හැවිරිදි තරුණියක් කොවිඩ් නිව්මෝනියාව හේතුවෙන් මියගොස් ඇති බව ගාල්ල නාගරික හදිසි මරණ පරික්ෂක වෛද්‍ය. බී.ජී.එන්. කරුණාතිලක මහතා පවසයි.
තරුණිය උණ රෝගයෙන් පෙලී ඇති අතර පසුව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්කොට ඇත. රෝහලේ දී කරනු ලැබු පී.සී.ආර්. පරික්ෂණයේ දි ඇයට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වි ඇත.
ඇය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටියදී මියගොස් ඇත. තරුණිය අම්බලන්ගොඩ, වැල්ලබඩ, මාදම්පාගම ප්‍රදේශයේ පදිංචිකාරියකි. තරුණියගේ මව හා පියා යන දෙදෙනාම විදේශිය රටවල සේවය කරන බව හදිසි මරණ පරික්ෂණයේ දි අනාවරණය වී ඇත.