පානදුර රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් සිටි 27 හැවැරිදි පුද්ගලයාගේ මරණය කොවිඩ් 19 ආසාදිත මරණයක් නොවන බවට තීරණය කිරීමට වසංගත රෝග විද්‍යා ඒකකය තීරණය කර තිබේ.
කොවිඩ් 19 රෝගයෙන් මියගිය මරණයක් බවට තක්සේරු කිරීම සඳහා එම රෝගයේ දායකත්වයෙන් සිදුවන මරණයක් විය යුතු බවද වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කරයි.
මෙම පුද්ගලයා මිය යෑමට ආසන්න හේතුව වී තිබුණේ සියදිවි නසාගැනීමකි. මේ අනුව ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ සංඛ්‍යාව 21ක් බව සුදත් සමරවීර මහතා ප්‍රකාශ කරයි.