අප්‍රේල්, 22 බදාදා ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසු විශේෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන ක්‍රියාකාරිත්වය ගැන රජය ආයතන ප්‍රධානීන්ට මගපෙන්වීමක් කරයි.
අමාත්‍යාංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු සහ සෙසු ආයතන ප්‍රධානීන් 22 බදාදා සිට රැස් වී තම ආයතනවල ඉදිරි ක්‍රියාකාරිත්වය සැලසුම් කළ යුතුය.
අප්‍රේල් 22,23 සහ 24 දිනවල කොළඹ දිස්ත්‍රික්කයේ ආයතනවල ප්‍රධානීන් තම නියෝජ්‍ය ප්‍රධානීන් ඇතුළු සෙසු මුල් පෙළේ නිලධාරීන් රැස් කොට ඒ ඒ ආයතනයේ සේවයට කැඳවන කාර්ය මණ්ඩල සාමාජික සංඛ්‍යාව, සේවයට කැඳවන්නේ කුමන නිලධාරීන් ද සහ ඔවුන්ට පැවරෙන වැඩකොටස ආදිය තීරණය කරන මෙන් ආයතන ප්‍රධානීන්ට දැනුම් දෙනු ලැබේ.
මේ රැස්වීම්වලදී එළඹගන්නා තීරණ මත පදනම් වූ ක්‍රියාකාරී සැලැස්මක් සම්පාදනය කොට අප්‍රේල් 27 සඳුදා සිට එය ක්‍රියාත්මක කළයුතුය.
සැලැස්ම පිළිබඳව ජනාධිපති ලේකම්වරයා දැනුවත් කරන ලෙස ද ආයතන ප්‍රධානීන්ට උපදෙස් දෙනු ලැබේ.
දිස්ත්‍රික්ක 21ක, අවදානම් කලාප ලෙස නම් කරන ලද පොලිස් බල ප්‍රදේශ 04ක හැර සෙසු ප්‍රදේශවල ඇඳිරි නීතිය හෙට උදේ 5.00ට ඉවත් කොට එදිනම රාත්‍රී 8.00 ට යළි පනවනු ලැබේ.
ඉන්පසු නැවත දැනුම් දෙන තුරු මේ දිස්ත්‍රික්කවල ඇඳිරිනීතිය සෑම දිනකම ක්‍රියාත්මක වනුයේ රාත්‍රී 8.00ට සිට පසුදා අලුයම 5.00 දක්වා පමණි.
කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල අවදානම් කලාප ලෙස හඳුනාගත් පොලිස් බල ප්‍රදේශ 21ක හැර අන් සියලු ප්‍රදේශවල ඇඳිරි නීතිය අප්‍රේල් 22, බදාදා සිට උදේ 5.00ට ඉවත් කොට රාත්‍රී 8.00ට යළි පනවනු ලැබේ.