කොලොන්නාව බාලිකාව ඉදිරිපිට උප තැපැල් කාර්යාලයේ ස්ථානාධිපතිවරියගේ සිරුර තැපැල් කාර්යාලය තුළ බාල්කයක එල්ලෙමින් තිබියදී සොයාගත් බව වැල්ලම්පිටිය පොලිසිය කියයි.
මෙලෙස මියගොස් තිබුණේ වල්ගම්මුල්ල ,අලිවලපල්ල පදිංචිව සිටි කේ ඉසුරු ජනනී චාතුල්‍යා ගුණවර්ධන නැමැති 21 හැවිරිදි තරුණියයි.
එල්ලෙමින් තිබූ මළ සිරුර ආසන්නයේ මේසයක් මත ඇය පරිහරණය කරන ලද ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථනයේ කැමරාව සිරුර දර්ශනය වන අයුරින් ක්‍රියාත්මකව තිබූ බව පොලිසිය සඳහන් කරයි.
ඇය විසින් ලියන ලද ලිපියක්ද පොලිසිය මගින් සොයාගෙන ඇත.
කොලොන්නාව මීතොටමුල්ල ප්‍රදේශයේ ඥාති නිවසක පදිංචිව සිට උප තැපැල් කාර්යාලයේ රැකියාව සඳහා පැමිණෙන ඇය සවස 6 පමණ වනතෙක් නිවසට නොපැමිණීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ඥාතියකු පැමිණි අවස්ථාවේදී තැපැල් කාර්යාලයේ ඉදිරිපස දොරටුව විවෘත කර තිබෙන අයුරුත් දෙවෙනි දොරටුව අභ්‍යන්තරයෙන් වසා දමා තිබෙන අයුරුදු දැක 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට පැමිණිල්ලක් කර තිබූ බව පොලිසිය කියයි.
ඒ අනුව වැල්ලම්පිටිය පොලිසිය වෙත ලබා දුන් තොරතුරකට අනුව එහි ගිය පොලිස් නිලධාරීන් කණ්ඩායමක් දොර කඩා සිදුකළ පරික්ෂාවේදී තැපැල් ස්ථානාධිපතිවරියගේ සිරුර බාල්කයක එල්ලෙමින් තිබුණු දක්නට ලැබූ බව පොලිසිය කියයි.
මළ සිරුර ආසන්නයේ ක්‍රියාත්මකව තිබූ ස්මාට් වර්ගයේ ජංගම දුරකථනයේ කැමරාව පැය දෙකහමාරක අධික කාලයක් තිස්සේක්රියාත්මකව පැවැති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
එම ජංගම දුරකථනයේ තැපැල් ස්ථානාධිපතිවරිය අවසන් හෝරා කීපය තුළ තැපැල් කාර්යාලය තුළ රැඳී සිට සිදුකළ සියලුම ක්‍රියාකාරකම් ගැබ්ව ඇති බවට සැක කරන බවත් එහි රහස් අංකය සොයාගෙන එම දර්ශන පරීක්ෂණ සඳහා සහාය කරගන්නා බවත් පොලිස් නිලධාරියෙකු පැවසීය.
මියගිය තැපැල් ස්ථානාධිපතිවරිය තරුණයකු සමග ප්‍රේම සබඳතාවයක් පවත්වා ඇති අතර මීට සති තුනකට පමණ ඉහතදී ඇය විසින්ම එය නතර කර ඇති අතර දින කීපයකට පසුව ඇය එම පුද්ගලයා වෙත දුරකථන ඇමතුම් ලබා ගත්තද ඔහු විසින් එයට ප්‍රතිචාර නොදක්වා ඇති බවද ඒ පිළිබඳව ඇය සිත් වේදනාවෙන් පසු වූවාද යන්න සැකයක් පවතින බව පොලිසිය කියයි.
වැල්ලම්පිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික නිලන්ත මහතාගේ උපදෙස් මත සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති ඒ එල් යු ජයලත් මහතාගේ මෙය වීමෙන් පොලිස් කොස්තාපල් 93414 හේරත් මහතා පරීක්ෂණ පවත්වයි.