විසිඑක්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය අද (20) අනුමැතිය දුන්නේය.
මේ සඳහාවන යෝජනාව අධිකරණ ,බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබීය.
මෙම පනත් කෙටුම්පත කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. දහනවවැනි ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනය බලාත්මක කිරීම සහ විසිවැනි සංශෝධනයේ අහිතකර වගන්ති ඉවත් කිරීම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා සිදුවෙයි.