භට පිරිස් විසින් ලබා දෙන සේවය තක්ෂණය භාවිත කරමින් ලබාගෙන ගුවන් හමුදාවේ භටපිරිස්වල ප්‍රමාණය 2030 වසර වන විට අඩු කිරිමට සැලසුම්කර තිබෙන බව එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා සඳහන් කළේය. ඊයේ(10දා) ගුවන් හමුදා මූලස්ථානයේ පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් මේ බව සඳහන් කළ ගුවන් හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ දැනට සිටින 35000ක් පමණ වූ භට පිරිස්වලින් ලබාගන්නා සේවය 2030 වසර වන විට 18000ක ප්‍රමාණයකින් මීට වඩා වඩා පලදායි ලෙස ලබා දීමට කටයුතු කරන බව ය.
ආරක්ෂිත කැමරා තාක්ෂණය හා ඒ අයි තාක්ෂණය ඇතුළු තාක්ෂණය භාවිත කරමින් හා ඩ්‍රෝන කාත්ෂණය යොදගෙන භටයෙකු විසින් ලබා දෙන සේවය ලබා ගැනීමට හැකිවන බවත්, ඩ්‍රෝන එකකින් එකවර කිලෝ මීටර් 05 ක පමණ ප්‍රමාණයක් ආවරණය කළ හැකි බවත් හෙතෙම පවසා සිටියේය.
ගුවන් හමුදාව විසින් අපේ අනාගතයට යන්නේ කෙසේද යන්න අත්වැලක් සැපයීම සඳහා කොළඹ ගුවන් සංදර්ශනයක් හා තාක්ෂණික වෙළෙඳ ප්‍රදර්ශනයක් ලබන මැයි මස 29 වන දින සිට ජුනි 02 දක්වා කාලය තුළදී කොළඹ ගාලු මුවදොරපිටිය හා පෝර්ට් සිටි සංකීර්ණයේදී පැවැත් වීමට සැලසුම් කර තිබෙන බවද ඒ මහතා සඳහන් කළේය.
මෙදින 05 ගුවන් සංදර්ශන හා සංගීත සංදර්ශන ඇතුළු විශේෂාංග රැසකින් යුත්ත බවත්, මේ සඳහා දේශීය හා විදේශීය ගුවන් සමාගම්වලින් විශාල සහායක් ලැබෙන බවත්, මේ සඳහා දේශීය හා විදේශීය සංචාරකයන් විශාල පිරිසක් සභාභාගි වීමට නියමිතව තිබෙන බවත් පවසා සිටියේය.මෙම සංදර්ශන උදේ 9.00 සිට රාත්‍රී12.00 දක්වා පැවැත් වීමට සැලසුම් කර තිබෙන බවත්, මෙහිදී ගුවන් හමුදාව විසින් සිදුකරන කාර්යභාරය පිළිබඳව හා පැරෂූට් සංදර්ශන දැක බලා ගැනීමේ අවස්ථාව ජනතාවට හිමිවන බවත් හෙතෙම පවසා සිටියේය.