"ආනයන සීමාවකට මේ වන විට යටත්ව ඇත්තේ වාහන ආනයනය පමණක් බවත් 2023 පළමු කාර්තුවේදී ඍණ සියයට දහයකින් ආර්ථිකයේ හැකිලීමක් ඇතිවූ අතර මේ වනවිට එය සියයට 5.3ක ආර්ථික වර්ධන වේගයක් ඇති වී තිබෙනවා. එහි ප්රතිලාභ සමාජයේ සියලු දෙනාට එක හා සමානව එම ප්‍රතිලාභය ලබා දිය යුතුයි. මේ වන විට රජය සංචිත ප්‍රමාණය රුපියල් බිලියන පහක සීමාව ඉක්මවා තිබෙනවා. ඒ අනුව වාහන ආනයන සීමා ලිහිල් කිරීමට කටයුතු කරමින් සිටිනවා, 2025 වර්ෂය වන විට පෞද්ගලික වාහන සඳහා පවතින සීමා ඉවත් කිරීම රජයේ අරමුණයි" බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (16දා) දින අනුරාධපුරයේදී පැවති මාධ්‍ය හමුවකදීය.
"නිදහස් වෙළඳපළකට අවශ්‍ය පරිසරය නිර්මාණය කරන ආර්ථිකයක් රටේ ගොඩනැගීම ආණ්ඩුවේ පුධාන අරමුණයි. 2023 පළමු කාර්තුවේදී ඍණ සියයට 10කින් හැකිලුනු ආර්ථිකය මේ වනවිට සියයට 5.3ක ආර්ථික වර්ධන වේගයක් බවට පත්ව තිබෙනවා.
ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් කඩා වැටීමේ සිට වත්මන් ආර්ථික වර්ධනය දක්වා ආණ්ඩුව විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳව හා ණය ප්රතිවයුහගතකරනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය මත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් තුන්වන වාරිකය නිදහස් කිරීමට කටයුතු කලා.
ශ්‍රී ලංකාව , නැවත කඩා නොවැටෙන ආර්ථිකයක් බවට පරිවර්තනය කිරීමත් දීර්ඝ කාලීන ආර්ථික වැඩ පිළිවෙලක් සඳහා අවශ්‍ය ව්‍යුහය නිර්මාණය කරගැනීම තුල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තැබූ විශ්වාසය ඒ ආකාරයෙන්ම පවත්වා ගෙන ජනතාවට පහසුවෙන් ජීවත් විය හැකි රටක් නිර්මාණය කිරීම රජයේ බලාපොරොත්තුවයි.
රාජ්‍ය ආදායම සියයට 15ක් වන ප්රශස්ත මට්ටමකට ගෙනයම් සිටින බවත් මේ තුළින් රාජ්‍ය ආදායම ශක්තිමත් කරගැනීමත් නීතිරීති රාමුවක් සකස් කොට රාජ්‍ය මූල්‍ය පද්ධතිය ශක්තිමත් කර ගනිමින් රට නිවැරදි මාර්ගයකට ගෙන යමින් පවතින අතර ආසන්න වශයෙන් දළ දේශීය නිෂ්පාදනය සියයට දශම 2ක අමතර රාජ්‍ය ආදායමක් ලබා ගැනීමට කටයුතු කිරීම අපේ අරමුණයි.
සමාජයේ යහපත්ව පවත්වාගෙන යෑම සදහා රාජ්‍ය පද්ධතිය ඩිජිල්කරණය කිරීම පිළිබඳව රජයේ අවධානය යොමුව තිබෙනවානිදහස් වෙළඳපළකට අවශ්‍ය පරිසරය නිර්මාණය කරන ආර්ථිකයක් රටේ ගොඩනැගීම ආණ්ඩුවේ අරමුණයි.
ජාත්‍යන්තර මූල්‍ය ආරමුදලේ උපදෙස් වන්නේ යම්කිසි සීමාවකට රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමේ දී මග නොහැරෙන ආකාරයට රාජ්‍ය ආදායම එකතු කර ගැනීම බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ කටයුතු නොකර ඊට පිටුපා නොගැලපෙන ක්‍රමවේදයක් හඳුන්වාදීම රට නැවත පැවති තත්ත්වයට ගමන් කිරීමක්"