2024 වසර තුළදී ඩෙංගු රෝගීන් 48897ක් වාර්තා වී තිබෙන අතර ඩෙංගු රෝගීන් 22ක් මරණයට පත් වී තිබෙන බව ස්‍යෙඛ්‍ය අංශය සඳහන් කරයි.
දෙසැම්බර් මාසයෙහිදී රෝගීන් 3370 ක් වාර්තා වී තිබේ. එම වසරේ අවසන් සතිය වන 52 වැනි සතියෙහි දී රෝගීන් 979ක් වාර්තා වී තිබෙන අතර 51 වැනි සතියෙහි රෝගීන් 627ක් වාර්තා වී තිබේ.
මේ අනුව 2024 වසරේ අවසන් සතියෙහිදී එනම් 52 වැනි සතියෙහිදී ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක් පෙන්නුම් කරන බවද ස්‍යෙඛ්‍ය අංශ සඳහන් කරයි.
පසුගිය වසරේ අවසන් සතියේ වාර්තාවන රෝගීන් 979 ක ප්‍රමාණය සැලකීමේදී කොළඹ මහ නගර සභා බලප්‍රදේශයෙන් 12.6%ක්, කොළඹ දිස්ත්‍රික්කයේ සෙසු ප්‍රදේශවලින් 17.9%ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන්14.5%ක්, කළුතර දිස්ත්‍රික්යෙන් රෝගීන් 3.1%ක්, යාපනය දිස්ත්‍රික්කයෙන් රෝගීන් 9.2%ක්, රත්නපුරෙන් 6.7%ක්, මහනුවරින් 6.0%ක්, මඩකලපුවෙන් 4.2%ක්, කෑගල්ලෙන් 4.1%ක් සහ හම්බන්තොටින් 4.0%ක් වශයෙන් සෑම දිස්ත්‍රික්කයකින්ම රෝගීන් වාර්තා වී තිබේ
පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී ඩෙංගු රෝගීන් 3178ක් වාර්තා වී තිබෙන අතර ඔක්තෝබර් මාසයෙහිදී ඩෙංගු රෝගීන් 2938 ක් ද, සැප්තැම්බර් මාසයෙහිදී රෝගීන් 2763 ක්ද වාර්තා වී ඇත.
අගොස්තු මාසයෙහිදී රෝගීන් 3897 ක් ද,ජූලි මාසයේදී 4506 ක්ද, ජුනි මාසයේදී 3319 ක්ද, මැයි මාසයේදී 2647 ක්ද, අප්‍රේල් මාසයේදී 2234 ක්ද, මාර්තු මාසයෙහිදී 3615 ක්ද, පෙබරවාරි මාසයේදී 6007 ක්ද, ජනවාරි මාසයේදී 10417 ක්ද ලෙස රෝගීන් වාර්තා වී තිබේ.