මෙරටට සීනි ආනයනය කිරීම සඳහා 2023 වර්ෂයේ ජනවාරි 01 වනදා සිට දෙසැම්බර් 31 දක්වා කාලසීමාව තුළ රුපියල් මිලියන එක් ලක්ෂ හතළිස් දෙදහස් තුන්සිය එකක මුදලක් වැයකොට ඇති බැව් ශ්රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති කාර්ය සාධක වාර්තාවක් මගින් නොවැම්බර් මස 22වන දින අනාවරණය කරයි.
මෙම වාර්තාව අනුව 2022 වර්ෂයේදී මෙරටට සීනි ආනයනය කිරීම සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන අසූදෙදහස් හයසිය හතළිස් හතරක් වන අතර, ඒ අනුව 2022 වර්ෂයට සාපේක්ෂව 2023 වර්ෂයේදී මෙරටට සීනි ආනයනය කිරීම සඳහා රුපියල් මිලියන 59,657ක මුදලක් වැඩිපුර වැය වී ඇති බැව් එම වාර්තාවේ සඳහන් වේ.
2023 වර්ෂයේ දෙසැම්බර් මාසය වන විට මෙරටට සීනි මෙට්රික් ටොන් හයලක්ෂ පනස් තුන්දහසක් ආනයනය කර තිබූ අතර, 2022 වර්ෂයේදී ආනයනය කර තිබූ සීනි ප්රමාණය මෙට්රික් ටොන් හාරලක්ෂ හැටදහසකි.
චන්දන සමරවික්රම