2023 වසරේ ජනවාරි 01 වන දින සිට අගෝස්තු 30 දක්වා කාල සීමාව තුළ මෙරට සමස්ත බලශක්ති නිෂ්පාදනය 4.5%කින් පහත වැටී ඇති බව මුදල් අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාවක් මගින් විගණනයට සඳහන් කර ඇත.
2022 වර්ෂයේ පළමු මාස 08 දී මෙරට සමස්ත බල ශක්ති නිෂ්පාදනය මෙගා වෝට් පැය 10,832 කි. එයට සාපේක්ෂව 2023 වසරේ ජනවාරි 01 වන දින සිට අගෝස්තු 30 දක්වා බල ශක්ති නිෂ්පාදනය 4.5% කින් පහත වැටී තිබුණි. ඉන්ධන හා අමු ද්‍රව්‍ය හිඟකම මෙන්ම කර්මාන්ත අංශයේ ක්‍රියාකාරකම්වල පසුබැස්ම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී තිබූ බව මෙකී වාර්තාවේ සඳහන් වේ.
2022 වර්ෂයේ පළමු මාස 08 දී කර්මාන්ත අංශය සඳහා අලෙවි කළ විදුලි ඒකක සංඛ්‍යාව මෙගා වෝට් පැය 2957 කි. එයට සාපේක්ෂව 2023 වසරේ ජනවාරි පළමු වන දා සිට අගෝස්තු 30 දක්වා කර්මාන්ත අංශය සඳහා අලෙවි කළ විදුලි ඒකක සංඛ්‍යාව මෙගා වෝට් පැය 2825 දක්වා 4.5% කින් පහත වැටී තිබුණි. එසේ වුවද තාප ඉන්ධන මගින් විදුලිය උත්පාදනය කිරීමේ දී 52.7% ක් සහ සුළං මගින් විදුලි උත්පාදනයේ දී 13.09 ක වැඩි වීමක් 2023 වර්ෂයේ මුල් මාස 08 දී වාර්තා වී ඇත.
චන්දන සමරවික්‍රම