2023 වසරේදී ශ්‍රී ලංකාවෙන් ලාදුරු රෝගීන් 1550 දෙනෙකු හඳුනා ගෙන ඇති බවසෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ලාදුරු මර්දන ව්‍යාපාරය පවසයි. ශ්‍රී ලංකාවේ ලාදුරු රෝගීන්ගේ තත්වය පිළිබඳව 2016 අංක 12 දරණ තොරතුරුදැන ගැනිමේ අයිතිවාසිකම් පනත අනුව කරන ලද තොරතුරු ඉල්ලීමකදී ජාතික ලාදුරු මර්දන ව්‍යාපාරයේ වැඩබලන අධ්යක්ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා මේ බව සඳහන් කර තිබේ.
එම තොරතුරුවලට අනුව 2023 වසරේදි ලාදුරු රෝගීන් වැඩියෙන්ම හඳුනාගෙන ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම ප්‍රමාණය 259 ක් වෙයි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 168 ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 116 ක් සහකුරුණෑගල දිස්ත්‍රික්කයෙන් රෝගීන් 80 ක්ද හඳුනා ගෙන තිබේ. 2019 වසරේදී ලාදුරු රෝගීන් 1660 ක් 2020 දී රෝගීන් 1213 ක්, 2021 වසරේදී රෝගීන් 1026 ක් ,2022 වසරේදි රෝගීන් 1401 ක් සහ 2023 වසරේදි රෝගින්1550 ක් වශයෙන් හඳුනා ගෙන ඇති බවත් එම තොරතුරුවල සඳහන් වෙයි.
ලාදුරු මර්දන ව්‍යාපාරය පවසන ආකාරයට 2023 වසරේදී සැප්තැම්බර් මාසයේදි පමණක් ලාදුරු රෝගීන් 175 දෙනෙකු හඳුනා ගෙන තිබේ. කෙසේ නමුත් එම ව්‍යාපාරය පවසන්නේ රෝගීන්ගේ වැඩි වීමක් පෙන්නුම් කළද එය රෝගය ව්‍යාප්තවිමේ වැඩිවිමක් නොව සැඟව සිටින රෝගීන් හඳුනා ගැනීම සඳහා ක්‍රියාත්මක ව්‍යාපෘති නිසා එම රෝගීන් හඳුනා ගැනීම නිසා සිදු වන්නක් බවයි.
මොහොමඩ් ආසික්