2023 ජනවාරි 01වනදා සිට එම වර්ෂයේ දෙසැම්බර් 25වනදා දක්වා කාලසීමාව තුළදී ව්‍යාජ මුදල් නෝට්ටු 1,769ක් පිළිබඳව අනාවරණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය ප්‍රකාශ සහ මෙහෙයුම් මැයි මස 04වනදා නිකුත් කරන ලද වාර්තාවේ සඳහන් වේ.
මෙම මහ බැංකු මූල්‍ය ප්‍රකාශන වාර්තාවෙන් පෙන්වා දෙන පරිදි 2023 වර්ෂයේදී අනාවරණය වූව්යාජ මුදල් නෝට්ටු 1,769 පිළිබඳව අධිකරණයෙන් නඩු කටයුතු 11ක් සඳහා මැයි සිට දෙසැම්බර් කාලය තුළදී ශ්‍රී ලංකා මහ බැංකුව අධිකරණ අමාත්‍යාංශයේ නඩු කටයුතු සඳහා ඉදිරිපත් වී ඇති බව මැයි මස 04වන දින නිකුත් කරන ලද මූල්‍ය ප්‍රකාශන වාර්තාවේ සඳහන් වේ.
ශ්‍රී ලංකාව තුළ සංසරණයේ පවතින මුදල් නෝට්ටු මිලියනයකට ව්‍යාජ මුදල් නෝට්ටු 1.4ක් පමණ ප්‍රමාණයක් හමුවන බැවින් මෙය ගෝලීය සාමාන්‍ය අනුපාතය වන නෝට්ටු මිලියනයකට ව්‍යාජ මුදල් නෝට්ටු 15කට සාපේක්ෂව සැලකිය යුතු අඩු මට්ටමක් බවද ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.
ශ්‍රී ලංකා මහ බැංකු පනතේ57වෙනි වගන්තිය යටතේ අධිකරණමය නඩු විභාග සඳහා පහසුකම් සලසමින් ව්‍යාජ මුදල් නෝට්ටු අනුකරණය සම්බන්ධ තීරණාත්මක සාක්ෂි වශයෙන් මහ බැංකුව සහතික 97ක් නිකුත් කර ඇත.
මීට අමතරව සංසරණයේ පවතින මුදල්වල ගුණාත්මකභාවය පවත්වා ගැනීමට ව්‍යාජ මුදල් නෝට්ටු හඳුනාගැනීම පිළිබඳව දැනුම වැඩි දියුණු කිරීම සඳහා සහ මුදල් හැසිරවීමේ හොඳ පුරුදු ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහ ජනතාව පාසල් සිසුන් හා නීතිය ක්‍රියාත්මක කරන ලෙසටත් දැනුවත් කිරීමේ වැඩසටහන් 25ක් පමණ මේ දක්වා පවත්වා ඇත.