ඉකුත් 2023 වර්ෂයේ ජනවාරි මස 01වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා කාලයෙහිදී පාර්ලිමේන්තු මන්ත්රීවරු 225 ක් දෙනා සහ අනෙකුත් කාර්ය මණ්ඩලවලට ආහාර පාන මිලදී ගැනීම සඳහා රුපියල් විසිතුන්කෝටි දෙලක්ෂ හැටහත්දහස් අටසීය සත අනූපහක මුදලක් (230,267,800.95) වැය කර තිබූ බව පාර්ලිමේන්තුව සම්බන්ධව 2023 වර්ෂයට අදාළව කාර්යසාධක වාර්තාව මගින් විගණනයට නිකුත් කරන ලද වාර්තාවක් මගින් අනාවරණය වේ.
සියලු කාර්ය මණ්ඩල සහ මන්ත්රීවරුන් සඳහා රුපියල් විසිපන් ලක්ෂ හැත්තෑ තුන්දහස් විසි පහක් (2,573,025) පානීය ජල බෝතල් සහ සෝස් වර්ග සඳහා වැය කර තිබුණි. ප්රසම්පාදන මාර්ගෝපදේශවලට අනුව පාර්ලිමේන්තු භෝජනාගාරය මගින් මිල ගණන් කැඳවා 2023 ජනවාරි මස පළමුවන සතියේ එම භාණ්ඩ මිලදී ගෙන ඇත.
පාර්ලිමේන්තුවේ ආහාර පාලන හා ගෘහ පාලන දෙපාර්තමේන්තු මගින් 2023 වර්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගෙන් 91% ක් සහ මන්ත්රීවරුන් පාර්ලිමේන්තුවට කැඳවා ගෙන එන අමුත්තන් හා කාර්ය මණ්ඩලයේ 37,192දෙනෙකුට පාර්ලිමේන්තු භෝජනාගාරය මගින් පහසුකම් සලසා තිබූ බව ද විගණන වාර්තාවේ සඳහන් වේ.