2020 වර්ෂයේ රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමට අදාළ චක්‍රලේඛය අද (27) නිකුත් කෙරුණි.
එය අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවිය ( www.moe.gov.lk ) මඟින් භාගත කිරීමට අවකාශ සලසා තිබේ.
2020 වර්ෂයේ දී රජයේ පාසල්වල පළමුවන ශ්‍රේණියට තම දරුවන් ඇතුළත් කිරීමට බලාපොරොත්තු වන දෙමවුපියන් නීත්‍යානුකූල භාරකරුවන් මෙම නිවේදනයේ දැක්වෙන උපදෙස් අනුව හා ලබා දී ඇති ආකෘති පත්‍රයට අනුව සකස් කළ අයඳුම්පත් තමන්ට අදාළ වන පාසල්වල ප්‍රධානීන් වෙත 2019 ජූනි 30 ට ප්‍රථම ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් ඉදිරිපත් කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_fb7cc5db1e.jpg)