එක්සත් ජනපද, වොෂිංටන් විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය ආයතනයේ අනාවැකි අනුව 2020 අවසන් වනවිට එරට මරණ සංඛ්‍යාව 378,000 දක්වා ඉහළ යනු ඇති අතර දෙසැම්බර් මාසයේදී දෛනික මරණ සංඛ්‍යාව දිනකට 3,000 දක්වා ඉහළ යනු ඇත.
මේ වනවිට එක්සත් ජනපදයේ කොවිඩ්-19 හි මියගිය සංඛ්‍යාව 200,000 සීමාවේ පවතින අතර, ගෝලීය වශයෙන් මරණ පහෙන් එකකට වඩා වැඩි සංඛ්‍යාවක් එක්සත් ජනපදය ආශ්‍රිතව සිදුව තිබේ.
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ, තමන් යළි ජනපති පදවියට තේරීපත් වූ විට වසංගතය පාලනය කෙරෙහි වැඩිදුරටත් අවධානය යොමුකරන බවය.
ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට අනුව, එක්සත් ජනපදයේ ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 6.8 ඉක්මවා ඇති අතර එය ලෝකයේ වැඩිම ආසාදන සංඛ්‍යාවක් වේ.
එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන අනුව එක්සත් ජනපදයේ සිදුවන මරණවලින් 70%කට වැඩි ප්‍රමාණයක් වයස අවුරුදු 65 ට වැඩි පුද්ගලයින් අතර වේ.
රොයිටර් විශ්ලේෂණයකට අනුව, එක්සත් ජනපදයට සතිපතා සාමාන්‍යයෙන් දිනකට ජීවිත 800ක් පමණ වෛරසයට ගොදුරු වේ. සති හතරක් පහත වැටීමෙන් පසු පසුගිය සතියේ මරණ අනුපාතය 5%කින් ඉහළ ගොස් තිබේ.
වොෂිංටන් විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය ආයතනයේ අනාවැකි අනුව 2020 අවසන් වනවිට මරණ සංඛ්‍යාව 378,000 දක්වා ඉහළ යනු ඇති අතර, දෙසැම්බර් මාසයේදී දෛනික මරණ සංඛ්‍යාව දිනකට 3,000 දක්වා ඉහළ යනු ඇත.