රුපියල් කෝටි දෙලක්ෂ විසිඅටදහස් එකසියයක (රුපියල් බිලියන 2,281ක්) මුදලක් 2019 වර්ෂයේ රජයේ අපේක්ෂිත වියදම ලෙස සලකා 2019 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත රජය විසින් සකසා තිබේ.
ඒ අනුව මෙම වසරට(2018) වඩා 2019 වසරේ රජයේ වියදම රුපියල් කෝටි තිස්දහස් හාරසියහැටඅටකින් ඉහළ ගොස් ඇත. 2018 වසරේ රජයේ වියදම ලෙස රුපියල් කෝටි එක්ලක්ෂ අනූහත්දහස් පන්සියයක මුදල් මේවසරේ විසර්ජන පනත් කෙටුම්පතෙහි දක්වා ඇති අතර, මෙම වසරේ විසර්ජන පනත් කෙටුම්පත සමග 2019 වසරේ විසර්ජන පනත් කෙටුම්පතසැසඳීමේදී එම කරුණු අනාවරණය වේ.
2019 අයවැය යෝජනාවලිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ප්‍රථම මෙම විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, මේවනවිට එය අන්තර්ජාලයට නිකුත්කර ඇත.
විසර්ජන පනත් කෙටුම්පතට අනුව 2019 වසරේදීද වැඩිම වියදමක් වෙන්කර ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශයට වන අතර, එම මුදල රුපියල් කෝටි තිස්දහස් හයසියඑකොළහකි.
එය මෙම වසරට (2018) වඩාරුපියල් කෝටි 1,540ක වැඩිවීමකි. මේවසරේ ආරක්ෂක අමාත්‍යාංශය සඳහා වෙන්කර ඇති මුදල රුපියල්කෝටි 29,071කි.
රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය සඳහා ලබන වසරේ අපේක්ෂිත වියදමරුපියල් කෝටි 29,515කි. එය මේවසරට වඩා රුපියල් කෝටි 10,953කවැඩිවීමකි.
ජනාධිපතිවරයාගේ වියදම් වෙනුවෙන් 2019 වසර සඳහා රුපියල් කෝටි 1,347ක් වෙන්කර ඇති අතර, එය මේවසරට වඩා රුපියල් කෝටි 349ක වැඩිවීමකි. 2018 වසර සඳහා ජනාධිපතිවරයා වෙනුවෙන් වෙන්කර තිබූ මුදල් ප්‍රමාණය වූයේ රුපියල් කෝටි 998කි.
අගමැතිවරයා වෙනුවෙන් 2019 වසර සඳහා රුපියල් කෝටි 166ක් වෙන්කර ඇති අතර, මේ වසරේදී (2018) අගමැතිවරයා සඳහා වෙන්කර තිබුණේ රුපියල් කෝටි 177ක මුදලකි. ඒඅනුව 2019දී අගමැතිවරයාට වෙන්කරතිබෙන මුදල් ප්‍රමාණය රුපියල් කෝටි 11කින් පමණ අඩුවී ඇත.