2019 වසර සඳහා වූ විසර්ජන පනත් කොටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවිර මහතා මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට යොමුකර තිබේ.
2019 වසරේදී රජය දැරීමට අපේක්ෂිත වියදම රුපියල් බිලියන 4550ක් වෙයි. එය රජයේ පොදු සේවාවන් සඳහා රුපියල් බිලියන 2312 ක්, රාජ්‍ය ණය සේවාකරණය, වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් ගෙවීම් ඇතුළු දැනටමත් ඒකාබද්ධ අරමුදලෙන් ගෙවීමට බලය ලැබී ඇති වියදම් දැරීම සඳහා රුපියල් බිලියන 2232ක් හා රජයේ අත්තිකාරම් ගිණුම් සඳහා රුපියල් බිලියන 06කින්ද සමන්විත වෙයි.
2019 වර්ෂය තුළදි අපේක්ෂිත රජයේ ආදායම හා විදේශ ප්‍රධානවල වටිනාකම රුපියල් බිලියන 2390කි. ඒ අනුව අයවැය හිඟය වන රුපියල් රුපියල් බිලියන 2160ක් ණය වශයෙන් ලබා ගත යුතුව ඇත.
මේ පිළිබඳව අදහස් දක්වන මංගල සමරවීර මහතා ප්‍රකාශ කරන්නේ මෙවර ණය සේවාකරණය රුපියල් බිලින 2200ක් බවත් එය ඉතිහාසයේ ශ්‍රී ලංකාවට ගෙවීමට සිදුව ඇති ඉහළම අගය බවත්ය.