රජයේ සමස්ථ ණය බර 2014 අවසානයේදී රුපියල් බිලියන 7,391ක් වූ බවත් 2018 අවසන් වන විට එය රුපියල් බිලියන 11,859ක් ඉක්මවා 62% කින් වැඩි වී ඇති බවත් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
2019 අයවැය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කරයි.
එසේම මේ වසරේදී ආණ්ඩුව රුපියල් බිලියන 2,077ක සමස්ථ බදු ආදායමක් මහජනතාවගෙන් එකතුකර ගැනීමට බලාපොරොත්තු වන බවත් එය 2014දී එකතු කළ බදු ආදායම මෙන් දෙගුණයක් බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.