2017 වසර තුළ වත්මන් ආණ්ඩුව පෙරළා දැමීම තම අරමුණ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර තිබේ. පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවට තුනෙන් දෙකක බහුතර බලයක් තිබුණත් වර්තමාන දේශපාලන තත්වය සලකා බැලීමේදී සියල්ල ඉදිරිකාලය තුළ වෙනස් විය හැකි බව ආණ්ඩුවේ එක්සත් ජාතික පාර්ශවය හා ශ්‍රී ලංකා නිදහස් පාර්ශවය අතර ගැටුම් ඇතිවෙමින් තිබෙන බවද හිටපු ජනාධිපතිවරයා අද කොළඹ දී ශ්‍රී ලංකාවේ විදේශ වර්තාකරුන්වන් සමග සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළ බව බීබීසී සංදේශය වාර්තාකර ඇත.
රටකට මෙලෙස ඉදිරියට යාමට නොහැකි බව මෙහිදී රාජපක්ෂ මහතා පෙන්වා දී තිබේ.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපතිවරයෙකුට බලයට පත්විය හැක්කේ වාර දෙකක් පමණක් බවට සීමාවක් පනවා ඇති නිසා ව්‍යවස්ථා වෙනසකින් තොරව හිටපු ජනාධිපතිවරයකුට රාජ්‍ය නායකයා විය නොහැකි නොවේදැයි මාධ්‍යවේදියෙකු මෙහිදී විමසූ විට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ 'යළිත් රටේ රාජ්‍ය නායකයා වීමේ අදහසක් තමාට නොමැති' බවත් 'රාජ්‍ය නායකයා නොවී තමාට රට පාලනය කළ හැකි' බවත් ප්‍රකාශ කර ඇත.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා යටතේ අගමැති පදවියට පත් කෙරුනොත් ජනාධිපතිවරයා සමග එක්ව වැඩකළ හැකි දැයි යොමු වූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස හිටපු ජනාධිපතිවරයා පවසා ඇත්තේ වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහට එම කාර්යය කළ හැකිනම් 1970 ගණන් වල සිට හොඳින් හඳුනන පුද්ගලයෙක් සමග තමන්ට වැඩ කල හැකි බව සඳහන් කළේය.
එහෙත් එවැනි තත්වයක් උද්ගත වුනොත් සිදු වන්නේ තමන්ට අවශ්‍ය කොන්දේසි අනුව බවත් හිටපු ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.
එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙන්ව තරඟ කළහොත් ඡන්ද බෙදී එක්සත් ජාතික පක්ෂයට වාසි දායක තත්වයක් ඇතිවිය හැකි බවට පළවෙන මතය තමන් පිලි නොගන්නා බව සඳහන් කළ හිටපු ජනාධිපතිවරයා ආණ්ඩුවේ ක්‍රියා කලාපයට විරෝධය පළකරමින් එක්සත් ජාතික පාක්ෂිකයන් විශාල පිරිසක් ඡන්දය දීමෙන් වැලකී සිටිනු ඇති බවත් සඳහන් කර තිබේ.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස්කිරීම සම්බන්ධයෙන් අගමැතිවරයා හා විපක්ෂනායකවරයා සමග සිදුකළ හමුවීම් ගැන යොමු වූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් හිටපු ජනාධිපතිවරයා 'ව්‍යවස්ථා සම්පාදනය සිදුවන ආකාරය ගැන මිස ව්‍යවස්ථාව ගැන ආණ්ඩුවේ මතය එහිදී ප්‍රකාශ නොකළ බවයි ප්‍රකාශ කළ බව බීබීසිය වාර්තා කරයි.
අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහයෝගය දෙනවාද නැද්ද යන්න ප්‍රකාශ කළ හැක්කේ අභිනව ව්‍යවස්ථාව පිළිබඳව ආණ්ඩුවේ හා ජනාධිපතිවරයාගේ ස්ථාවරය ප්‍රකාශයට පත්කළ පසු බවත් රාජපක්ෂ මහතා පවසා ඇත.
හම්බන්තොට චීන ආයෝජන ගැන අදහස් දැක්වමින් හිටපු ජනාධිපතවරයා පවසා ඇත්තේ චීනයට අකක්ර 15,000ක ඉඩම් පැවරීමේ තීරණයට තමන් කිසිසේත් එකඟ නොවන බවය.
ඒ පිළිබඳව තමා අදාළ චීන සමාගමට දැනුම් දුන්බව සඳහන් කළ හිටපු ජනාධිපතිවරයා, තම පාලන කාලයේදී සැලසුම් කර තිබුණේ චීන කර්මාන්ත පුරයක් සඳහා අක්කර 750 පමණක් ලබාදීමට බවත් ප්‍රකාශ කර තිබේ.
තම පාලන කාලයේ චීන සබ්මැරීනයක් කොළඹ වරායට පැමිණීම ගැන ඉන්දීය තානාපති අංශ දැඩි විරෝධය පළකරමින් හැසිරුණු බව පැවසූ හිටපු ජනාධිපතිවරයා, දැන් ඔවුන් "මීයන්" සේ හැසිරෙන බවයි සඳහන් කර තිබේ.
ඉන්දියාව තම ආණ්ඩුවේ පාලන සමයේ එවැනි සිදුවීම් සම්බන්ධයෙන් එළිපිටම විරෝධතා දැක්වුවත් දැන් නිහඬව සිටින්නේ ඔවුන්ට ත්‍රිකුණාමලය වරාය ලැබෙන නිසාදැයි තමන් නොදන්නා බවත් කියා සිටියේය.
යුද්ධය ජය ගැනීම සඳහා ඉන්දියාව ශ්‍රී ලංකාවට උදව් කළ බවට හිටපු ඉන්දීය ආරක්ෂක උපදේශකවරයා කරන ප්‍රකාශය නිවැරදිදැයි මාධ්‍යවේදියෙකු විමසූ විට ඊට පිළිතුරු දුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ 'ඉන්දියාව යුද ජයග්‍රහණයට දායක වූ බව තමාත් ප්‍රකාශ කර ඇති බවයි' සඳහන් කර ඇත.
එහෙත් තමිල්නාඩු ගැටලුව නිසා එය එළිපිට ප්‍රකාශ කිරීමට ඉන්දියාවට අවශ්‍ය නොවූ බවයි හිටපු ජනාධිපතිවරයා පවසන්නේ.
ඉන්දියාව ඔහුට සහයෝගය දක්වන පසුබිමක සිටි ඉන්දියාව පසුව වෙනස්වීමට හේතුව කුමක්දැයි මාධ්‍යවේදියකුගෙන් ප්‍රශ්නයක් යොමු වූ විට 'ඇතැම් වැරදි අවබෝධ මෙන්ම ඇමරිකානු බලපෑම්ද එයට හේතු වන්නට ඇති යන්නයි හිටපු ජනාධිපතිවරයාගේ ඊට පිළිතුර වුණේ.
2015 ජනාධිපතිවරණ පරාජය ගැන අදහස් දැක්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇමරිකාව, ඉන්දියාව, එරට 'රෝ' ඔත්තු සේවය සහ බටහිර රටවල මැදිහත්වීමෙන් සිදු වූ එම මැතිවරණ ව්‍යාපාරයට මුහුණ දීමට තමන්ට නොහැකි වූ බවත් එය 2011 වසරේ සිට සැලසුම් කෙරෙමින් තිබුණ වැඩ පිළිවෙලක් වූ බවත් සඳහන් කළ බව බීබීසී සංදේශය වැඩිදුරටත් වාර්තා කර තිබේ.
.