2017 වාර්තා අනුව ළමා අපයෝජන පැමිණිලි 9014 ක් වාර්තා වී ඇත. එමෙන්ම ලිංගික හිංසන පිළිබද වාර්තා 501කි. දුෂණය කිරිම් පිළබද වාර්තා වන අවස්ථා 340ක් වන අතර බරපතල ලිංගික අපයෝජන 309ක් වාර්තා වන බව සදහන් වේ.
ළමා ලිංගික අපයෝජනය ශ්‍රී ලංකාවේ දැවෙන සෞඛ්‍ය හා සමාජ ගැටලුවක් බවට පත්ව ඇති බවට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සදහන් කරයි.
මේ නිසා මෙම අදුරු සෙවනැලි ඉවත් කිරිමට විද්වතුන් ප්‍රබල යෝජනා ඉදිරිපත් කීරිම සහ අපයෝජන වැළැක්වීම සදහා වන ක්‍රියාකාරි සැලැස්මක් එළිදැක්වීම 27 වන අගහරුවදා පෙ.ව. 09.45 ට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදි සිදු කෙරෙන බවට එම කාර්යාංශය සදහන් කරයි.