2016 වසරේදී ශිෂ්‍යත්ව විභාගය අහෝසි කරනවාද නැද්ද යන්න තවමත් නිල වශයෙන් තීරණය කර නොමැති බවත්, 2014 වසරේ හා 2015 වසරේ පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගවලින් පසුව ශිෂ්‍යත්ව විභාගය අවසන් කිරීම පිළිබඳව තීරණයක් ගැනීමට නියමිත බවත් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.එසේම 2014 හා 2015 වසරවලදී පැරණි නිර්දේශය යටතේම සරල විභාගයක් පැවැත්වීමට නියමිත බවද අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේය.
ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින්ද පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය පිළිබඳ ලබාදුන් නිර්දේශයක සඳහන් වන්නේ මහින්දෝදය ද්විතියික පාසල් 1000 සංවර්ධනය වීමෙන් පසුව 2015 වසරෙන් පසුව ශිෂ්‍යත්ව විභාගය තවදුරටත් පවත්වනවාද නැද්ද පිළිබඳව ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් තීරණය කරන බවයි.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, 2016 වසරෙන් පසුවද යම්කිසි සිසුවෙකුට කොළඹ පවතින ජනප්‍රිය පාසල්වලට පැමිණීමට අවශ්‍ය නම් ඉදිරියේදී එයටද බාධාවක් නොවන බවත්, ඒ සඳහා කඩඉම් ලකුණු නිකුත් කිරීමටද සූදානම් බවත්ය. එසේම ශිෂ්‍යත්වලාභීන් ප්‍රමාණය දසදහසකින් වර්ධනය කිරීමටද ඉදිරියේදී කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.එසේම ජනවාරි මස අවසන් වන විට ආදර්ශ ප්‍රශන පත්‍රයක් පාසල් වලට යොමු කිරීමට තීරණය කර ඇති බවත් පෙළ පොත් වල හෝ විශය නිර්දේශයේ වෙනසක් නොවන බවද විභාග කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.ජේ. පුශ්පකුමාර මහතා පැවැසීය.