ශ්‍රී ලංකාවේ මෙතෙක් වාර්තා වී ඇති ඒඩ්ස් රෝගීන් ප්‍රමාණය සංඛ්‍යාත්මක වශයෙන් 2014 ක් බව ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ විශේෂඥ වෛද්‍ය ආරියරත්න මනතුංග මහතා පවසයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (25දා) කොළඹ රේණුකා හෝටලයේ පැවැති මාධ්‍ය හමුවකදීය. ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය හා හා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන එක්ව එච්.අයි.වී. පිළිබඳ ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය සහ අවදානම් කණ්ඩායම් පිළිබඳ මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීම සඳහා මෙම මාධ්‍ය හමුව සංවිධානය කොට තිබිණි.
1987 සිට 2014 වසර දක්වා වාර්තා වූ ඒඩ්ස් රෝගීන්ගේ ප්‍රමාණය 2014 ක් වන අතර, 2009 දී කාර්තුවකට ඒඩ්ස් රෝගීන් වාර්තා වූයේ 30 කි. මේ වනවිට එක් කාර්තුවකට (මාස තුනකට) 59 – 60 ක රෝගීන් ප්‍රමාණයක් වාර්තාවෙමින් පවතින බවද එහිදී අනාවරණය විය.
නමුත් මේ වනවිට වාර්තා නොවූ ආසාදිතයන් 2900 ක් පමණ අප රටේ විසිරී ඇතැයි ඇස්තමේන්තුගත කොට ඇති අතර, මෙයින් වැඩි ප්‍රමාණයක් එනම් 56෴ ක් පමණ බස්නාහිර පළාතේද, ඉතිරි ප්‍රමාණය ලංකාවේ අනෙකුත් සෑම ප්‍රදේශයකම සිටිනු ඇතැයිද පැවසෙයි. කෙසේ නමුත් තවමත් ශ්‍රී ලංකාවේ ඒඩ්ස් රෝගින් 01෴කට වඩා අඩු ප්‍රමාණයකින් පැවතීම යහපත් වුවත්, මේ වනවිට එච්.අයි.වී. රෝගීන් සඳහා ප්‍රතිකාර ලබාදෙමින් ඔවුන්ගේ කාර්යක්ෂමතාව වැඩිකර ඔවුන් රෝග තත්ත්වයන්ට ගොදුරුවීම අවම කිරීමටත්, ප්‍රතිකාර නිසා ඔවුන්ගේ වෛරස් ප්‍රමාණය අඩුකර ඔවුන්ගෙන් අන් අයට රෝගය බෝවීමට ඇති ඉඩකඩ අවම කිරීමටත්, ඒඩ්ස් රෝගයෙන් මියයෑම් අඩු කිරීමටත් නිශ්චිත ක්‍රමවේදයක් ශ්‍රී ලංකාව තුළ පවතින බවද පැවසෙයි. 100෴ ක් ඒඩ්ස් රෝගීන්ගේ පෞද්ගලිකත්වය රැකෙන පරිදි ඔවුන්ගේ රහස්‍යභාවය සුරකිමින් ඒඩ්ස් රෝගීබවට පත්වීමේ තත්ත්වය අවම කරගත හැකි නිසි ක්‍රමවේදයක් පවතින බැවින් අවශ්‍ය වන්නේ රෝගීන් තම ජීවිතය අවදානමක නොහෙලා වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවීම බවද වෛද්‍ය මනතුංග මහතා තවදුරටත් පැවසීය.