2013 වසරේදී 1919 රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයට ලැබුණු දුරකථන ඇමතුම් ප්‍රමාණය ලක්ෂ දහසය (16,00,000) ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතන (ICTA) පවසයි.
එම දුරකථන ඇමතුම් ප්‍රමාණයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් ලැබී ඇත්තේ බස්නාහිර පළාතෙන් බවද, එම අගය හත් ලක්ෂ හතලිස් නවදහස් දහසයක් (749,016) බවද නියෝජිතායතනය පෙන්වා දෙයි.
එහිදී, ජනතාව වැඩි වශයෙන්ම ඇමතුම් ලබාදී ඇත්තේ දුම්රිය දෙපාර්තමේන්තුව, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පොලිස් දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව, අධ්‍යාපන අමාත්‍යාංශය, විභාග දෙපාර්තමේන්තුව යන ආයතනවල තොරතුරු දැනගැනීම සඳහාය.
උතුරු හා නැගෙනහිර පළාත්වලින් රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයට ලැබී තිබෙන මහජන ඇමතුම් ගණන හැත්තෑ අටදහස් හතලිස් පහක් (78,045) බවද කියැවෙයි.
www.gic.gov.lk රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ නිල වෙබ් අඩවියට 2013 වසරේදී පුද්ගලයින් හත් ලක්ෂ දසදහසකට (710,000) අධික පිරිසක් ප්‍රවේශ වී තිබෙන අතර එය ඉකුත් වසර හා සසඳා බැලීමේදී දෙගුණයක වැඩිවීමක් බවද කියැවෙයි.