දිවිත්ව පුරවැසිභාවය අයදුම් කළ 2000ක් පමණ දෙනෙකුට දිවිත්ව පුරවැසි සහතික ප්ර්දානය කිරීමට රජය සුදානම් වේ. ඒ අනුව මෙම පිරිසට මේමස 17 දා ජනාධිපති මෛත්රිිපාල සිරිසේන මහතාගේ ප්ර ධානත්වයෙන් දිවිත්ව පුරවැසි සහතික ප්රමදානයකිරීමට නියමිතය. ශ්රීත ලංකා පුරවැසිභාවය අවසන් කළ තැනැත්තන්ට හා ඔවුන්ගේ දරුවන්ට නැවත මෙරටට පැමිණීම හා මෙරට රැඳී සිටීම සඳහා විධිමත් ක්රඔමවේදයක් සැකසීමේ අරමුණෙන් යුතුව ආරම්භ කරන ලද ව්යාරපෘතියක් ලෙස මෙය ක්රිරයාත්මක වේ. 2011 වසරේ එවකට පැවති රජයේ තීරණයකට අනුව ද්විත්ව පුරවැසිභාවය ප්ර දානය කිරීම අත්හිටුවා තිබූ අතර 2015 මාර්තු මාසයේ සිට එය යළි ක්රිවයාත්මක කරන ලදී. ඒ අනුව, දැනට දිවිත්ව පුරවැසිභාවය අයදුම් කරඇති ඒ සඳහා සුදුසුකම් ලැබූ සියලු දෙනාට අදියර කිහිපයක් යටතේ දිවිත්ව පුරවැසිභාවය පිරිනැමීමට නියමිත ය.