දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඉදි කොට වසර විස්සක් සපිරීම නිමිත්තෙන් ඊයේ (01 දා) පැවති සංගීත සාදය අවසන් වෙද්දී ඇතිවූ ගැටුම් හා රිය අනතුරුවලින් එක් අයෙකු මියගොස් තවත් 25 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කොට ඇතැයි දඹුල්ල පොලීසිය කියයි.
යතුරුපැදියකින් හිස්වැසුම් නොමැතිව අධික බීමතින් ධාවනය කළ යතුරු පැදියක් මාර්ගයේ ගමන් කරමින් තිබූ ලොරි රථයක පිටුපස ගැටීමෙන් යතුරුපැදිකරු ජිවිතක්ෂයට පත්ව තිබේ.
දඹුල්ලේ පදිංචි රොෂාන් විජයරත්න (21දා) තරුණයෙකු බව පොලිසිය කියයි.
සංගීත රාත්‍රිය අතරතුර ඇතිවූ ගුටි බැට හුවමාරු සහ රිය අනතුරු වලින් රාත්‍රී 12:00 සිට අළුයම 5 වන විට තුවාලකරුවන් 25 දෙනෙකු දඹුල්ල රෝහලට ඇතුළත් කළ බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළහ.
ඒස් කරුණාරත්න