ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් පමණක් යැයි ප්‍රතිපත්තියේ සිට කටයුතු කරන පිරිස් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම වෙනුවෙන් දෙමළ මුස්ලීම් මන්ත්‍රීවරුන්ගේ ඡන්දය සොයමින් සිටින බව දෙමළ ප්‍රගතිශිලි සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා පැවසීය.
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කර ගැනීම වෙනුවෙන් ආණ්ඩුව ගන්නා උත්සහායන් පිළිබදව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.
“ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් යැයි පමණක් කියමින් සිටින අයද මේ අවස්ථාවේ දෙමළ මුස්ලීම් මන්ත්‍රීවරුන්ගේ ඡන්ද සොයමින් සිටියි. එසේ සිදු කරනු ලැබුවහොත් මේ රට සිංහල දෙමළ මුස්ලීම් සියලු ජාතීන් එකාබද්ධ ශ්‍රී ලාංකික රාජ්‍යයක් බවට පරිවර්තනය වනු ඇතිද?
සැබැවින්ම එයාකාර ප්‍රතිපත්ති වෙනස්කමක් සිදුවන්නේ නම් එයට බොහෝ කැමැතියි. නමුත් එයට ඇති සහතිකය කුමක්ද? මේ රට අප සැමදෙනාටම අයිති මාතෘ භුමීයක් යැයි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්න. එසේ සිදු වන්නේ නම් මා හට තවදුරටත් මේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අවශ්‍ය වන්නේ නැත. ආණ්ඩුවට සහාය පළ කර 23 වනදාම දේශපාලනයෙන් සමු ගෙන කොහේ හෝ දුර රටකට යමි.
එසේ නොමැති නම් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත ඉල්ලා අස්කරගෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම ආරම්භ කරන්න. සියලු ජාතීන් හා ආගම් වලට අයත් කණ්ඩායම් එම සාකච්ධා සඳහා එක් කර ගන්න.
මෙරට ජාතික ගැටලූවට තිරසාර විසදුමක් ලබාදිය හැක්කේ බහුතරයේ සහාය හිමිවුණු ආණ්ඩුවකට පමණි. අපි වැනීසියේ වෙළදුන් මෙන් මස් රාත්තලම ඉල්ලා සිටින්නේ නැත.
මේ බව මා කේවල් කිරීමට පැමිණි ආණ්ඩුවේ පාර්ශවයන් වෙත ප්‍රකාශ කර සිටියෙමි.
මොවුන් ආණ්ඩුවේ සහයෝගයට පිරිස් සොයනවා හැර ප්‍රතිපත්තිමය වෙනසක් සිදු කරන්නේ නැත . සිහින හා යථාර්ථයන් අතර විශාල වෙනසක් තිබේ.
මේ වනවිට ආණ්ඩුව නියෝජනය කරන සුලු ජනකොටස් නියෝජනය කරන මහජන නියෝජීතයින් ගතහොත් ඔවුන්ට ඇත්ත වැටහී ඇත. ආණ්ඩුව ඔවුන්ව තබාගෙන සිටින්නේ රූකඩ ලෙසය. මොවුන් අර්ධ දෙමළ මාධ්‍ය දක්වන අදහස් ස්වරූපය ආණ්ඩුව තුළ පෙන්වන්නේ නැත.”