20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ පාර්ලිමේන්තු විවාදය අද (21) ආරම්භවීමට නියමිතව තිබේ.
අද සහ හෙට (22) පෙරවරු 10.00 සිට රාත්‍රී 7.30 දක්වා විවාදය පැවැත්වීමට නියමිත අතර හෙට රාත්‍රීයේ ඒ සඳහා වන ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතය.
හෙට රාත්‍රීයේ විවාදය අවසන් වීමෙන් පසු කාරක සභා අවස්ථාව ආරම්භවන අතර විවාදය පැවැත්වෙන දින දෙක තුළ දී පාර්ලිමේන්තු ආරම්භයේ දී පැවැත්වෙන වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉදිරිපත් කරන ප්‍රශ්න සභා ගර්භය තුළ දී ඉදිරිපත් නොකරන අතර දිවා විවේකය සඳහා පාර්ලිමේන්තුව අත්හිටුවීමක් ද සිදුනොවන බව පාර්ලිමේන්තු සන්නිවේදන ඒකකය සඳහන් කරයි.
20 ව්‍යවස්ථා සංශෝධනයේ වගන්ති 02ක් සංශෝධනය කිරීමට ද පියවර ගෙන ඇති බව අධිකරණ අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ අතර 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ආණ්ඩුව සිදුකරන සංශෝධන පිළිබඳව සොයා බැලීම සඳහා සමගි ජනබලවේගයෙන් සිවු පුද්ගල කමිටුවක් පත් කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා සඳහන් කළේ හෙට දිනයේ අදාළ කමිටුව විසින් ඒ පිළිබඳව සිය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට නියමිත බවය.