ප්රජාතන්ත්රවාදයට එරෙහි වන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අක්‍රිය කළ යුතු බවත්, ප්රජාතන්ත්රවාදය හා නීතියේ ආධිපත්‍යය සුරැකෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනයට කටයුතු කළ යුතු බවත් ශ්‍රී ලංකා අමරපුර - රාමඤ්ඤ සාමග්රි මහා සංඝ සභාව පවසයි.
2015 වසරේ සම්මත වූ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා මෙරට ප්රජාතන්ත්රවාදයට සාධනීය කරුණු කිහිපයක් එකතු වූ බවද ශ්‍රී ලංකා අමරපුර - රාමඤ්ඤ සාමග්රි මහා සංඝ සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ජනාධිපති ධුරය දැරිය හැකි වාර ගණන දෙවතාවකට සීමා කිරීම, ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර හෝ ජනාධිපති ධුර දැරීම අහෝසි කිරීම ඇතුළු 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා ගෙන ආ රටට හිතකර කරුණු රැසක් 20 වැනි සංශෝධනයෙන් ඉවත් කිරීම ඊට එරෙහි වීමට හේතු වූ බවද සංඝ සභාව පවසයි.
20 වැනි සංශෝධනය හරහා සිදු කර ඇත්තේ මෙරට ඉදිරි ගමනට සා‘ධනීය ලක්ෂණ එකතු කිරීම නොව රට ආපස්සට හරවන නිශේධනීය ලක්ෂණ එකතු කිරීම බැවින් ඒ පිළිබඳ මහජන කතිකාවක් ගොඩනගා රටට උචිත නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට කටයුතු කළ යුතු බවත්, 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය අක්‍රිය සංශෝධනයක් බවට පාර්ලිමේන්තුව තුළ තහවුරු කරන ලෙසත් ශ්‍රී ලංකා අමරපුර - රාමඤ්ඤ සාමග්රි මහා සංඝ සභාව ඉල්ලා සිටියි.