2020 වසරේදී රට හොඳින් කරගෙන යෑමට අවශ්‍යනම් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කළ යුතු බවත් එය ඉදිරි ජනපතිවරණය පෙර හෝ පසුව කළ යුතු බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
එසේම නව ජනපතිවරයෙක් පත්වී මාස දෙකකින් අනිවාර්යයෙන්ම මහ මැතිවරණයක් පැවැත්වෙන බවත් ඔහු ප්‍රකාශ කළේය.
පුවත්පත් කතුවරුන් හා මාධ්‍ය ආයතන ප්රධාන්නී හා පැවැති සාකච්ඡාවේදී ඔහු මේ බව සඳහන් කළේය.
“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 හා 19 වැනි සංශෝධන මේ රට විනාශ කළා. 18 සංශෝධනය රාජාණ්ඩු ක්‍රමයක්. එය ජනතාව පරාජය කළා. රාජාණ්ඩුව පරාජය කළ ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කරන දූෂණය වංචාවෙන් තොර යහපාලනය ශක්තිමත් කරන ආණ්ඩුවක් පිහිටෙව්වා. මේ ආණ්ඩුව ජනතාව කියන විදිහට ගත් තීන්දු තීරණ වලින් අද ඇතිවෙලා තිබෙන ප්‍රශ්නත්, රජය පිළිබඳ විවේචනත්, ඒ වගේම මමත් පිළිගන්නවා රට තුළ දේශපාලන අස්ථාවරත්වයක් තිබෙනවා.
දේශපාලන අස්ථාවරත්වය පැහැදිලිවම හැදුවේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන්. මෙයට පාර්ලිමේන්තුවේ 225න් 215ක් ඡන්දය දුන්නා. මම තුනෙන් දෙකක බලයක් ගන්න ලොකු කැපකිරිමක් කළා.එක්සත් ජාතික පෙරමුණත්, මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දරණ පාර්ශ්වත් ඡන්දය දුන්නා.
19 තුළ ඇතිවූ දේශපාලන අස්ථාවරත්වය 19 හදපු විදිහ කෙටුම්පත් කරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ජනපතිවරයාගේ බලතල සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තුවට ගන්න. ඒක ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න ඕන සංශෝධනයක්.
එක්සත් ජාතික පෙරමුණ විසින් ඉදිරිපත් කළ සංශෝධනයේ බොහෝ කරුණු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළා. ජනපතිවරයාගේ බලතල පිළිබඳව පාර්ලිමේන්තු තුනෙන් දෙකක බලයෙන් කළ හැකි දේ ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දුන්නා.
ඒ තුළ 19 කෙටුම්පත් කළ අය බලාපොරොත්තු වුණ දේ සම්පූර්ණයෙන්ම අසාර්ථක වුණා. 19 කෙටුම්පත් කරපු අය නීතිවිශාරදයොද එහෙම නැන්තම් දේශපාලන මකබාස්ලද කියන එකයි මට තිබෙන ප්‍රශ්ණය. ඒ තරම්ම 19 අසාර්ථකයි.
ජනපතිවරයාට බලතල කොටසක් ඉතිරිවුණා ශ්‍රේෂ්ඨාධිකරණයෙන්. අගමැති හා පාර්ලිමේන්තුවට තවත් කොටසක් ගියා ස්වාධීන කොමිෂන් සභාත් එක්ක. කොමිෂන් සභාත් අදවන විට බලාපොරොත්තු වුන දේ සිදුවෙලා නෑ. ස්වාධීන කොමිෂන් සභා ගැන රෙගුලාසි සම්මත වී නෑ.
ඒක නිසා තමයි මානව හිමිකම් කොමිෂන් සභාව අපිට වාර්තා කරන්නේ නැතිව ජිනීවා වලට වාර්තා කළේ. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් රටේ දේශාපලන අස්ථාවරත්වයක් ඇතිවුණා.
නායකයෝ දෙන්නෙක් බිහිවුණා. අගමැතිතුමා දැන් දවස් දෙකකට කලින් කියලා තිබුණා. රියදුරන් දෙදෙනෙකුට වාහනයක් ගෙනියන්න බෑ කියලා. මෙතනදී වාහනය ගෙනියන්න එක ලයිසන් එකක් දුන්නා ජනතාව 6250000ක්. නමුත් පාර්ලිමේන්තුවෙන් ලයිසන් එකක් අරගෙන ඉස්සර සීට් එකෙන් වාඩි වුණා තවත් කෙනෙක්.
6250000කින් පත්වුණ ඩ්‍රයිවර්ට වාහනය ගෙනියන්න දෙන්න ඕන. 19 කළේ ඉස්සරහ සීට් එකේ තව එක්කෙනෙක් වාඩි කළා. 6250000කින් පත්වුණ කෙනා ස්ටියරින් වීල් එක අරගෙන යනාව ජියර් දානවා, ඇස්ලේටරේ පාගනවා. ඒ අතරේ පාර්ලිමෙන්තුවෙන් ලයිසන් එක ගත්ත හාදයත් ඇවිල්ලා. ඉස්සර සීට් එකට ඇවිත් ජියර් දානවා, වරද්දලා දානවා. පාරෙන් පයිනවා, වාහනය හැප්පෙනවා. ස්ටියරින් වීල් එකත් පැත්තක ඉදන් කරකවනවා.
ඉදිරි ජනපතිවරණයට කලින් හෝ පසුව. කවුරු බලයට පත්වුවත්, කවුරු විපක්ෂයට ගියත් අංක එකට කළ යුත්තේ 19 අහෝසි කිරීමයි. එහෙම නැතුව කවුරු ආවත් නැවත මම ආවත් නැවත රනිල් වික්‍රමසිංහ මහත්තයා ආවත් නැත්නම් වෙන කෙනෙක් ආවත් 19 අහෝසි කළේ නැත්නම් රට අස්ථාවරයි.
ආණ්ඩු දෙකයි. ජනපති ලේකම් කාර්යාලයේ එක් ආණ්ඩුවක්. අරලියහග මන්දිරයේ තව ආණ්ඩුවක්. මේ අවුල හැදුවේ 19.
මේ වසර අවසානයේදී නව ජනපතිවරයෙක් පත්වෙලා මාස දෙකක් යන කොට මහ මැතිවරණයක් එනවා ස්ථිරවම. ඒ එන අලුත් ආණ්ඩුවට රට කරදරයක් නැතිව රට කරගෙන යන්න. ඉදිරි ජනපතිවරණයට කලින් 19 අහෝසි කරනවානම් හොඳයි. 19 රටට සාපයක්.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හදලා නැති බකපණ්ඩිතයෝ මේක හැදුවා. 19 සම්පූර්ණයෙන්ම NGO අවශ්‍යතාවක්. මේ ආණ්ඩුවෙන්ම කරනවානම් මහින්ද රාජපක්ෂ මහත්තයත්, රනිල් වික්‍රමසිංහ මහත්තයත්, සම්බන්ධන් මහත්තයත් ජනතා විමුක්ති පෙරමුණටත් එක මතයකට එන්න පුළුවන් නම් 2020 රටට සුබවාදී අවුරුද්දක්. නැත්නම් රට තවත් වැටෙනවා."