කැළී කසළ බැහැරලීම හේතුවෙන් දියඇලි, ගහකොළ ඇතුළු සුන්දර පරිසර පද්ධතියකට හිමිකම් කියන මහියංගන-මහනුවර මාර්ගයේ 18 වංගුව ප්‍රදේශය දැඩි සේ අපවිත්‍ර වී තිබේ.
පොලිතීන්, ආපනශාලා අපද්‍රව්‍ය , සත්ත්ව මළ කුණු හා කොටස්, නිවෙස්වලින් බැහැරලන කැළිකසළ ආදිය මෙන්ම මාර්ගයේ ගමන් කරන සංචාරක පිරිස් සහ ලොරි රථවලින් ගෙනවිත් දමන කැළි කසළ ද මේ අතර වන බව ඒ අවට පදිංචිකරුවෝ පවසති.
මේ අයුරින් ගෙනවිත් දමන ඇතැම් කැළිකසළ මෙම රක්ෂිතයේ වෙසෙන වන සතුන් ආහාරයට ගැනීම හේතුවෙන් ඔවුන්ගේ ජීවන චක්රවලටද දැඩි අවදානමක් මතුව ඇතැයි ජනතාව පෙන්වා දෙති.
මෙලෙස ගෙනවිත් දමන ඇතැම් අපද්‍රව්‍ය රක්ෂිත පාමුල පිහිටි ජලාශ, දියපහර හා ජල මූලාශ්‍රවලට එක්වීමේ අවදානමක් මතුව ඇතැයි ද ඔවුහු පෙන්වා දෙති.
මේ තත්ත්වයට කඩිනමින් විසදුමක් ලබා නොදුනහොත් අනාගතයේදී මහංයංගන මහනුවර 18 වංගු මාර්ගය සංචාරක ආකර්ෂණයෙන් මිදී යනු ඇතැයිද මෙම පිරිස් වැඩිදුරටත් පෙන්වා දෙති.
මීගහකිවුල එන්.කේ.නිශ්ශංක