16 හැවිරිදි පාසල් දැරියක් සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඇයගේ පෙම්වතා ඇතුළු තරුණයන් 8 දෙනා හෝමාගම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැය 48ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට වැඩ බලන මහේස්ත්‍රාත් ප්‍රියංකා මද්දුම පටබැඳි මෙනවිය අද (23) පොලිසියට අවසර ලබා දුන්නේය.
එම සැකකරුවන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමට අවසර ලබා දෙන ලෙස හංවැල්ල පොලිසිය අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය එලෙස අවසර ලබා දුන්නේය.
මෙලෙස අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවේ හංවැල්ල ජල්තර සහ රණාල ප්‍රදේශයේ පදිංචි තරුණයන් පිරිසකි. දැරිය රෝහල් ගත කර ඇත.
දැරිය සිය පුංචි අම්මා සමග පොසොන් පොහෝ දින දන්සැල් වැඳීම සඳහා ගොස් යළි පැමිණීමේදී පොත්කඩයකට යන බව පවසා ඇය මගහැර මිතුරියකගේ නිවසට ගොස් රුපියල් 300/= ක් ඉල්ලාගෙන අනතුරුව හංවැල්ල ඇඹුල්ගම පෙම්වතාගේ නිවසට ගොස් ඔහු සමග දැරිය ලිංගිකව එක් වී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අනතුරුව පෙම්වතා විසින් දැරියව යතුරුපැදියෙන් හංවැල්ල ආටිගල හන්දියට ඇරලවාලිමෙන් අනතුරුව මිතුරන් දෙදෙනෙකුට දුරකථනයෙන් දැනුම් දී අවශ්‍ය නම් සිය පෙම්වතිය සමඟ කතා කර අවශ්‍ය තැනකට රැගෙන ලෙස දැනුම් දී ඇත.
ඔවුන් දෙදෙනා එම ස්ථානයට පැමිණ දැරිය සමග කතාකර ඇයව ප්‍රදේශයේ සූසාන භූමියකට රැගෙන ගොස් ඇය සමඟ ලිංගිකව එක්වී තිබෙන අතර තවත් තරුණයන් තිදෙනෙක් පැමිණ එක් අයකු ඔත්තු බලන අතර වාරයේදී ඇය දූෂණය කර ඇතිබව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අනතුරුව තරුණයන් ඇයව ආටිගල හන්දියට ඇරලවා ඇති අතර ඇය බස් රථයේ යාමට මුදල් ඉල්ලා සිටීමේදී රුපියල් 40ක් ලබා දී පිටව ගොස් තිබූ බව පොලිසිය කියයි.
එම ස්ථානයෙන් පොලිසිය යතුරු පැදියක ගමන් ගත් නිලධාරියකු දැරිය අඬා වැටෙමින් සිටින අයුරු දැක නවතා ඒ පිළිබඳ විමසීමේදී දැරිය ඇයට වු අතවරය සම්බන්ධයෙන් ප්‍රකාශ කර ඇති අතර ඔහු ඇයව තීරෝද රථයක නන්වාගෙන පොලිසියට රැගෙන තිබූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
අනතුරුව පොලිස් නිලධාරීන් ප්‍රදේශයේ දන්සලක් ආසන්නයට දැරිය සමඟ යාමේදී එහි සිටි දැරියගේ පෙම්වතා අත්අඩංගුවට ගත් හංවැල්ල පොලිසිය සිදුකළ ප්‍රශ්න කිරීමේදී දැරියට අතවර සිදුකළ තරුණයන් පස්දෙනා තමන්ගේ මිතුරන් බවට ප්‍රකාශ කර ඇත.
ඒ අනුව සැකකරුවන් හඳුනාගත් පොලිසිය බස්නාහිර දකුණ බාර නියෝජ්‍ය පොලිස්පති ගයාන්ත මාරපන මහතාගේ උපදෙස් මත විමර්ශන සිදුකර උගේ කොට කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සහ හංවැල්ල පොලිසියේ ඒකාබද්ධව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර විවාහක පුද්ගලයෙකුද සිටින අතර ඔවුන් වයස අවුරුදු 19 සහ 21 අතර පසු වන්නන්ය. හංවැල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.