පාර්ලිමේන්තුවේ බලය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට හිමිවන බවත්, එය ලබන 16 වැනිදා පාර්ලිමේන්තුවේදී පෙන්වන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
මේ හේතුවෙන් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ගෞරවාන්විතව අරලියගහ මන්දිරයෙන් ඉවත් විය යුතු බවද එම පක්ෂයේ උපලේකම් ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේය.
රනිල් වික්‍රමසිංහ මහතාට හිමි පුටුව විපක්ෂනායක පුටුව බවත්, එසේ නොකර දිගටම අරලියගහ මන්දිරයේදී රැඳී සිටියොත් ජනතාව පාලනය කර ගැනීමට නොහැකි වන බවත් අද (28දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු පවසා සිටියේය.