විශ්වාසභංග යෝජනාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම ස්වාධීන විය යුතු බවට මන්ත්‍රී කණ්ඩායම තීරණයක් ගෙන තිබුණද, 16 දෙනෙකු එම තීරණයට පිටින් කටයුතු කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
විශ්වාසභංග යෝජනාවේදී කටයුතු කරන ආකාරය පිළිබඳ පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා කිසිදු යෝජනාවක් ඉදිරිපත් නොකළ බවද පක්ෂයේ උප සභාපති අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේය.
මන්ත්‍රී කණ්ඩායම ගත් තිරණයට එකඟ වී සාමාජිකයන් 23 දෙනෙකු ඡන්දය ලබාදීමෙන් වැළකී සිටීමට කටයුතු කළ බවත්, එහෙත් 16 දෙනෙකු විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදුන් බවත් ඔහු පවසා සිටියේය.
අද (05දා) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව කී උපලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ආණ්ඩුවේ ඉදිරිගමන ගැන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් එක්ව සාකච්ඡා කර තීරණයක් ගත යුතු බවයි.