ආරච්චිකට්ටුව විජේකටුපත දරුවෙක් පුත්තලම දිස්ත්‍රික්යේ ගණිත අංශයෙන් 16 වෙනියා
වයස අවුරුදු 15 .....
සාමාන්‍ය පෙළ 8 ශ්‍රේණියේදි කරලා...
කිසිම උපකාරක පංතියකට ගිහිල්ලා නෑ...
ආරච්චිකට්ටුව විජයකටුපත ප්‍රදේශයේ දියණියක් වයස අවුරුදු 15දී ගණිත අංශයෙන් අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළට මුහුණ දී ඒ සමාරථ 3ක් ලබාගන පුත්තලම දිස්ත්‍රික්කයෙන් 16වන ස්ථානයට පත්වීමේ සිද්ධියක් ආරච්චිකට්ටුව විජය කටුපත් ප්‍ර දේශයෙන් වාරතා වේ.
මෙසේ එම විශිෂ්ඨ ජයග්‍රහණය ලබාගන ඇත්තේ ආරච්චිකට්ටුව විජයකටුපත පදිංචි මංචනායක මුදියන්සේලාගේ අවීෂා නෙත්සරණි මංචනායක නැමති 15 හැවිරිදි දියණියකි.
ඇයගේ පියා තාක්ෂණික නිළධාරියෙකු ලෙස පුද්ගලික ආයතනයක සේවය කර ඇති අතර ඔහු කුමාර මංචනායකයි. ඔහුගේ දයාබර බිරිඳ උදේනි ප්රියංගාට සහ ඔහුට සිටින ඒකම දරුවා අවීෂා නෙත්සරණි බව මව ආඩම්බරයෙන් පවසයි.
තම ආදරණීය දියණියගේ කුඩාකාලය පිළිබඳව පියාණන් මෙසේ පැවසුවේය. දුවගේ මුල්ම පාසල හලා /ආර /විජය කටුපත මහා විදුහලයි. එයා පෙරපාසල් යන්න පටන් අරගෙන වැඩිකාලයක් ගියේ නෑ අවුරුදු 3දි විතර ඉදලම ස්කොලේ යන්න ආශාවෙන් අපිට ඇවිටිලි කළා. ඒත් පාසලට ඇතුලත් කර ගන්න නියම වයසක් තියනවානේ අපි අවුරුදු 6න් දුවව ගමේ පාසලට ඇතුලත් කළා.
පස්සේ 03 ශ්‍රේණිය වෙනකන් එහි අධ්‍යාපනය ලැබුවා. ඒවෙන කොටත් දුවගේ අධ්‍යාපනයේ විශේෂ දක්ෂතා ඇය පෙන්නුවා. පස්සේ දුවව අපි පුත්/ විල්පත/ අනුර මහා විදුහලට ඇතුලත් කළා. ඇය 5ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් වුනා. ඇය එම විභාගයෙන් ලකුණු 190 අරගෙන කඩඉම පාස් කළා උපකාරක පංතියකට දමන්න හැදුවත් ඇයම කිව්වා බෑ මට ඉස්කෝලෙන කියාදෙන දේ ඇති කියලා.
පස්සේ මගේ රැකියා අවශ්‍ය තාවයත් සමග අපි ගම්පහ පදිංචියට ගියා අපි කුලී නවසක තමයි පදිංචි උනේ. දුවව ගම්පහ රත්නාවලී මහා විදුහලට ඇතුලත් කළා. ඇය පංතියේ සෑම අවුරුද්දකම පලවෙනියා. සෑම විෂයකටම ලකුණු 90 වැඩිය ගත්තා. දෝණි කියනවා එයාට 10 සහ 11 ශ්‍රේණිවල පොත් කියවන්න ආසයි ඒ පොත් සොයලා දෙන්න කියලා පාසලේ අක්කලා අයියලාගෙන් පොත් ඉල්ල ඉල්ල කියවනවා.
පස්සේ එම පොතුත් මම පොත් සාප්පුවකින් මුදලට ගෙනත් දුන්නා පස්සේ මෙයා 8 පංතියේ ඉද්දි මැයි මාසේ කිව්වා එයාට අ. පො.ස .සා ළෙට ලියන් ඕනේ කියලා අම්මත් මමත් බැන්නා ඔයාට තාම වයස තියනව පිස්සු කතා කරන්න එපා කියලා. එහෙම කිව්වාට මගේ හිතත් කිවිවා දුවගේ දක්ෂතා එක්ක ඒ දේ දුවට පුලුවන් කියලා .
දුව අඩලා කිව්වා සාමාන්‍ය පෙළ ලියන්න දුන්නේ නැත්තනම් ආයේ ස්කොලේ යන්නේ නෑ කියලා .මට බය හිතුනා පස්සේ මමත බිරිදත් පාසලට ගිහිල්ලා විදුහල්පති වරයාව මුණ ගැසිලා ඉල්ලීමක් කළා. මේ පිළිබඳව අපිට එතුමා දොස් කිව්වා ළමයාගේ අධ්‍යාපනය අනාගතය විනාශ කරන්න එපා වයස තියනවා පාසලේ එහෙම උසස් පංතියකට දාන්නත් බෑ කියලා .
අපි පස්සේ දරුවාවගේ පෙරැත්ත කිරීම නිසාම අපි සාමාන්‍ය පෙළ විභාගයට පුද්ගලිකව ඉල්ලීම් කළා . අපි දුවව පාසලෙන් නීත්‍යානුකූලව අස්කරගත්තා. දුව 2022 වරෂයේදී විභාගය ලියනවා. එතකොට එලියට බහින්නබෑ කොරෝනා දුව කළේ ගෙදරට වෙලා පාඩම් කරපු එක. අපි පුද්ගලික් පංතියකට දමන්න හැදුවත් එයා යන්න බෑ කිව්වා. ගෙදරට ගුරුවරු ගෙනල්ලා උගන්වන්න හැදුවත් කැමති උනේ නෑ.
ඒ වරෂයේ එයා විභාගයට පුද්ගලික අංශයෙන් ලියලා ඒ සමාරථ 8ක් සහිතව විභාගය සමත් වුනා. පස්සේ කිව්වා උසස් පෙළ ලියන්න ඕනෙ කියලා අම්මා තදින්ම විරුද්ධ උනා ඒත් එයාගේ ස්ථාවරයේම උන්නා අපි කිව්වා එහෙනම් පුද්ගලික පංතියකට යමු කියලා බෑ කිව්වා. මගෙන් ඉල්ලීමක් කළා අවශ්‍ය පොත් ගෙනත් දෙන්න කියලා .
එයා පුදුමේ කියන්නේ උසස්පෙළ කරන්න ඕනේ කිව්වෙත් ගණිත අංශයෙන් මම පස්සේ නෝනා එක්ක සාකච්ඡා කරලා කැමැත්ත දුන්නා. එයා පෙළපොත්වලට අමතරව අන්තර් ජාලය යුටියුබ් හොදින් පරිශීලනය කළා. සිලබස් හොයාගත්තා. උසස්පෙළ අවුරුද්දයි තනියම අධ්‍යයනය කළේ ලියන්න ඕනේ කිව්වා.
පස්සේ අපි 2023 වරෂයේදී පුද්ගලිකව අයදුම් කරුවෙකු විධිහට විභාගයට ඉල්ලුවා. ඒ අනුව මේ වරෂයෙදී උසස් පෙළට ලියලා තමයි ඔය ප්‍රතිඵලය ලබා ගත්තේ.
ඇයගේ මව උසේනි ප්‍රියංගිකා පැවසුවේ දුව තමන්ගේ කුසෙන් මේ ලොකෙට බිහි කිරීම තමන් ලබපු විශාල වාසනාවක් බවයි. පාඩම් වැඩ කොපමණ තිබුනත් හැකිසෑම අවස්ථාවකම කුස්සියට අවිල්ලා මට උදව් කරනවා. අමතර පංතිවලට ගමන් වලට අමතර වියදම් අපට ගියේ නෑ. දුව තනියමමයි ඉගන ගත්තේ. දුවගේ බොහෝ තීරණ මම අනුමත කලේ නෑ. එයා කිවවේ අම්මයි තාත්තයි දුවව විශ්වාස කරන්නකෝ එයාට ඒ ඇති කියලා.
එයාගේ දක්ෂතා දැකල අපිට ඉතිං ලොකු විශ්වාසයක් තිබුනා. ඒ විශ්වාසය කොයිම මොහොතකවත් ඇ කඩකළේ නෑ.
තම ජයග්‍රහණය පිළිබඳව නිහතමානීව අදහස් දක්වපු අවීෂා නෙත්සරණි මෙසේ පැවසුවාය.
මගේ ජයග්‍රහණ වලට ප්‍රධාන හේතුව උනේ මට මම ගැන තිබුන ලොකු විශ්වාසයයි. විශ්වාසය තිබුනට මදි කැපවීම තියෙන්න ඕනේ ලොකු අධිෂ්ඨානයක් තියෙන්න ඕනේ අධ්‍යාපන වැඩ කරන කාලය තුළ බාහිර ලෝකයෙන් ඉවත් වෙලා ඒ කටයුත්ත හොදින් අධ්‍යනය කලෝත හැමෝටම ජය ලබන්න පුලුවන් මම අන්තර් ජාලය හොදින් අධ්‍යානය කළා. හැබැයි අධ්‍යාපන කටයුතු වලට පමණයි. නරක පැත්තකට යොමු වෙනවානම් අන්තර් ජාලය නිසා ඕනේම කෙනෙකුට විනාශ වෙන්නත් පුලුවන්.
මට විභාග වලට සහ වෙනත් තරග වලට 6 ශ්‍රේණියෙන් පස්සේ ඉදිරිපත් වෙන්න ලැබුනේ නෑ. කොරෝනා කරදර ආවා. ඒත් එක්කම 8 ශේණියේදී පාසලෙන් ඉවත්වුන නිසාත් එවැනි දේට යොමු වෙන්න අවස්ථාවක් ලැබුනේ නෑ. කුඩා පංතිවල ඉදිරිපත් වු හැම තරගයකදීම හොදින් ජය ලැබුවා.
මට කරපු හැම ගුරු මව්පිය වරයෙක්ම මේ අවස්ථාවේ මම ආදරයෙන් ගෙෳරවයෙන් මතක් කරනවා. මගේ තාත්තා අම්මා ඒ අය තමයි මගේ හොදම ගුරුවරු. මම දෙවියන් බුදුන් ලෙස අදහන්නේ අම්මව තාත්තාව. මගේ බලාපොරොත්තුව ඉංජිනේරු අංශයෙන් උගත්කමක් ලබලා ඒ අංශයෙන් රටට දැයට සේවයක් කරන්න.
ආරච්චිකට්ටුව ලලිත් නවරත්න.