පාර්ලිමේන්තුව සභා වාරය 14 වැනිදා කැඳවනු ලැබුවත් එදිනට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රාජාසන කතාව පමණක් සිදු කිරීමට නියමිත බව හිටපු නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා සඳහන් කළේය.
ඉන්පසු කමිටු සකස් කර ඉතිරි වැඩ කටයුතු සිදු කිරීමට අඩුම තරමින් දින 05ක කාලයක් අවශ්‍ය වන බවත් මේ අනුව යළිත් වතාවක් පාර්ලිමේන්තුව රැස් වන්නේ දින 05කට පසුව බවද අද (05දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.