ඒ අනුව 13 වන ව්‍යවස්ථා සංශෝධනයට අදාලව ජනාධිපතිවරයා ලබන සතියේ පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.
මේ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය ශක්තිමත් කිරීමට අදාල සියලු යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.
සිය විශේෂ ප්‍රකාශයෙන් 13 වැනි සංශෝධනය ශක්තිමත් කිරීමට අදාල අණ පනත් ගෙන ඒම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පැහැදිලි කිරීමට ද නියමිතය. පොලිස් බලතල හැර අනෙකුත් බලතල බෙදා ගන්නේ කෙසේද යන කාරණය ගැන ජනාධිපතිවරයා මෙම ප්රකාශයේදී කරුණු පැහැදිලි කරනු ඇත.