පාරිභෝගික කටයුතු අධිකාරිය දැනට නියම කර ඇති පරිදි කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 1493ක මිලට ලිට්රෝ ගෑස හා ලාෆ්ස් ගෑස් සමාගම් විසින් තවදුරටත් වෙළඳපොළේ අලෙවි කළ යුතු බවට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
එසේම ගෑස් මිලදී ගැනීම, ප්‍රවාහනය හා ගබඩා කිරීම සමාගම් දෙක විසින්ම ඒකාබද්ධව සිදු කිරීම හා ඒ සඳහා හම්බනතෙට ගෑස් පර්යන්තය යොදා ගැනීමට නියමිතය.
රටට අවශ්‍ය එල්.පී. ගෑස් මිලදී ගැනීමට අදාළ ප්‍රසම්පාදන කටයුතු ප්‍රවාන හා ගබඩා කිරීමේ කටයුතු විධිමත්ව පවත්වාගෙන යාම සඳහා ගෑස් සමාගමේ නියෝජිතයන්ද ඇතුළත් අදාළ ක්ෂේත්රය පිළිබඳව විශේෂඥ දැනුම සහිත නිලධාරීන්ගේ සමන්විත කමිටුවක් පත්කිරීමටත් නියමිතය.
අනුකාරක සභාව විසින් නිර්දේශිත ක්‍රම වේදනය ඉදිරිය මාස 6 තුළ ක්‍රියාත්මක කළ එහි ප්‍රගතිය මත යෝග්‍ය පියවර ගැනීමට නියමිතය.