ඇඹිලිපිටිය ගැටුමේදී පොලිස් හදිසි ඇමතුම් අංකය වන 119ට දුරකතන ඇමතුමක් ලබාදී ඇත්තේ ඇඹිලිපිටිය පොලීසියෙන් එම ස්ථානයට ගිය පොලිස් කොස්තාපල්වරයෙක් හා සාජන්වරයෙක් විසින් බවට තොරතුරු අණාවරණය වි ඇතැයි නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතා පැවැසීය. අද (27දා) පාර්ලිමේන්තුවේදී ඇඹිලිපිටිය සිදුවීම පිළිබඳව ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවැසීය.