පසුගිය කාලසීමාවේදී පැවැති විවිධ කරුණු හේතුවෙන් කඩා වැටුණු රටෙහි ආර්ථිකය යළිත් ස්ථායිකරණය කිරීමේ ක්‍රියාවලිය, තවදුරටත් ඉදිරියට ගෙන යෑම නව රජයේ අරමුණ බව රජය පවසයි.
යාපනය දිස්ත්‍රීක් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුන මන්ත්‍රීවරයා අද (26) කිලිනොච්චිය දිස්ත්‍රීක් සංවර්ධන කමිටු රැස්වීමේදීද රාජ්‍ය නිලධාරීන් පිරිසක් සමග මතභේදාත්මක බහින්බස් වීමක් සිදුවිය.
Read Moreනිවෙස් හිමිකාරිය පැද වූ සුඛෝභෝගි මෝටර් රථයට යට වීමෙන් නිවසේ මෙහෙකරු ඊයේ (25) රාත්‍රී මියගොස් ඇතැයි කහතුඩුව පොලිසිය කියයි
Read Moreපිළියන්දල ජාලියගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක් ඉදිරිපිට නවතා තිබූ ලොරි රථයකට කඩුවක් අතැතිව නැග ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවීමට අවශ්‍ය බව පවසමින් කලහකාරීව හැසුරුණු පුද්ගලයෙකු පොලිසිය මැදිහත් වී පාලනය කොට අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය පවසයි.
Read Moreප්‍රධාන ධාරාවන් කිහිපයක් පිළිබදව අවධානය යොමු කර සුදුසුම සංවර්ධන සැළැස්ම ක්‍රියාත්මක කරමින් මාළඹේ වෛද්‍ය නෙවිල් ප්‍රනානදු රෝහල රටට අතිශය ඵලදායී රෝහලක් ලෙස කඩිනමින් සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කලේය.
Read Moreනීත්‍යානුකූල අයුරින් ඊශ්‍රායලයේ කෘෂිකර්මාන්ත ක්ෂේත්රයේ රැකියා සඳහා පිටත්ව ගොස් මෙරටට පැමිණ යළි ඊශ්‍රායලයේ සේවය කිරීමට අවස්ථාව හිමිවූ ශ්‍රී ලාංකික පිරිසකට ගුවන් ටිකට්පත් පිරිනැමීම පසුගියදා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී සිදුකරන ලදී.
Read Moreඅස්වැසුම සුබසාධක ප්රතිලාභ ගෙවීම් යෝජනා ක්රමයේ පළමු අදියර යටතේ සුදුසුකම් ලැබූ ප්‍රතිලාභී පවුල් 212 423ටමෙතෙක් ගෙවීමට ඇති හිඟ මුදල් ප්‍රමාණය වූ රුපියල් 1 314 007 750ක මුදල හෙට දිනයේදී අදාළ ප්‍රතිලාභීන්ගේ ගිණුම් වෙත බැංකු ගත කිරීමට කටයුතු කිරීමට කටයුතු කර ඇති බව සුබ සාධක ප්රතිලාභ මණඩලය දැනුම් දෙයි.
Read Moreමාතලේ අඹන්ගඟ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කවුඩාගම්මන ග්‍රාමයේ පවුල් 144කට සෙත සලසන පානිය ජල ව්‍යාපෘතිය පසුගියදා නිලධාරීන් විසින් ජනතා අයිතියට පත්කරනු ලැබීය.
Read Moreකොළඹ කොටස් වෙළඳපොළ අද දිනයේද දැවැන්ත වර්ධනයක් පෙන්නුම් කළේය. ඒ අනුව සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 232කින් ඉහළ ගොස් සමස්ත ඒකක 15 400ක් දක්වා ඉහළ ගියේය.
Read Moreවසර 20කට පෙර සුනාමි විපතින් ජීවිත අහිමි වූ දහස් ගණනක් සිහිපත් කරමින් 20වෙනි සුනාමි සැමරුම් උළෙල අද (26)දා පැරෑලිය සුනාමි ස්මාරකය අසලදී පැවැත්වුණි. සුනාමි මුහුදු රළ ට හසුවී පෙරළී ගිය දුම්රියේ මැදිරිය සහිත දුම්රියක් ඊයේ දිනද කොටුව දුම්රිය ස්ථානයේ සිට ගමන් ආරම්භ කර තිබුණි.
Read Moreජාතික රූපවාහිනියේ නව සභාපතිවරයා ලෙස ගිහාන් ද සිල්වා මහතා අද (26දා) වැඩ භාරගෙන තිබේ.
Read Moreමෙම වසරේ මෙරටට පැමිණි සංචාරකයන් ප්‍රමාණය ලක්ෂ 20 ඉක්මවා ගොස් තිබේ.
Read Moreසුනාමි ව්‍යයසනය සිදුවී අදට (26දා) අවුරුදු 20ක් සපිරෙයි.
Read Moreඅයහපත් කාලගුණයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ උඩරට එළවළු වගා බිම් අක්කර 750කට වඩා වැඩි ප්‍රමාණයක් සම්පුර්ණයෙන් විනාශයට පත්ව ඇති බවත්, එම හානි වූ එළවළු වගාවන් සඳහා තමන්ටත් වන්දි මුදල් ලබා දෙන ලෙස වගා හානියට පත් උඩරට එළවළු ගොවීහූ රජයෙන් ඉල්ලා සිටිති.
Read Moreහබරණ පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ හතේ කණුව සහ බටුඔය අතර 38 කිලෝමීටර් කණුව අසල ගිනිගත් කැබ්රථයක් තුළ තිබී පුද්ගලයෙකුගේ මළ සිරුරක් 25 වෙනිදා රාත්රියේදී සොයා ගැනීමට හැකිවූ බව මින්නේරිය පොලිසිය කියයි.
Read Moreවිෂ එන්නත් කර 70 හැවිරිදි අවිවාහක කාන්තාවක් ඝාතනය කළ බව පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් දික්වැල්ල පොලීසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.
Read Moreරාත්‍රි රථවාහන රාජකාරියේ නිරත වන පොලිස් නිලධාරින් සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය විසින් නවතම උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.
Read Moreනව දුම්රිය සාමාන්‍යාධිකාරි වශයෙන් හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පත්කර තිබේ.
Read Moreමේ වන විට බිත්තර මිල දැඩි ලෙස පහල බැස තිබුනද බිත්තර ආප්ප බිත්තර රෝටි මිල අඩු නොවිම පිලිබදව බොහෝ පිරිසක් දැඩි අප්‍රසාදය පලකර සිටිති.
Read Moreබන්ධනාගාර දෙපාර්තමේන්තුවේ තනතුරු 79 කට අදාලව නිලධාරී පුරප්පාඩු 1717 ක් පවතින බව විගණන මහ ලේකම් කාර්යාලය මගින් නිකුත් කරන ලද විගණන වාර්තාවේ සදහන් වේ.
Read Moreරුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් නීති විරෝධී අන්දමින් එකලස් කල බවට සැක සුඛෝපභෝගී ජීප් රථයක් සොයාගෙන ප්‍රසිද්ධ පෞද්ගලික කර්මාන්ත ශාලවක කළමනාකරුවකු අත්අඩංගුවට ගැනීමට පානදුර වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්රහාරයක ඒකකය සමත්ව ඇත.
Read Moreරාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මගින් ඉකුත් වසරේදී නිෂ්පාදනය කරන ලද ඖෂධ වර්ග 10 ක් නිෂ්පාදන පිරිවැයට වඩා අඩු මිලට පුද්ගලික වෙළඳපොළ බෙදාහරින්නන්ට අලෙවි කර තිබීමෙන් එම සංස්ථාවට රුපියල් 15,265 ,626 ක මූල්‍ය අලාභයක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.
Read Moreඉකුත් පැය 24 තුළදී බීමත්ව රිය ධාවනය කළ පුද්ගලයන් 251 කු ඇතුළු අනෙකුත් මාර්ග නීති උල්ලංඝනය කළ රියදුරන් 8747 කුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග මහතා පැවසීය
Read Moreශ්‍රි ලංකා පොදජන පෙරමුණේ පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපති ලෙස ක්‍රියා කළ වසන්තා හඳපාන්ගොඩ මහත්මිය එංගලන්තයේදි ජිවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreඅසර්බයිජානයේ සිට රුසියාව බලා ගමන් කරමින් තිබූ අසර්බයිජානයට අයත් ගුවන් යානයක් කසකස්ථානයේදි කඩා වැටි ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
Read Moreඅස්වැසුම සුබසාධක ප්රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය යටතේ සුදුසුකම් ලබන පවුල් හා පුද්ගලයන්ට 2025 ජනවාරි සිට ක්‍රියාත්මක වන පරිදි මාසිකව ප්රතිලාභ දීමනා ගෙවීමේ ක්‍රම වේදය ප්‍රකාශයට පත් කරමින් මුදල් , ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස පැවරී ඇති බලතල අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreරජය වටා රොඳ බැඳගත් දහස් සංඛ්‍යාත ජනතාවගේ බලාපොරොත්තු කිසිඳු අයුරකින් කඩ වීමට ඉඩ නොතබන බවත් ඔවුන් අපේක්ෂා කරන “පොහොසත් රටක් – ලස්සන් ජීවිතයක්” උදා කර දීමේ ඒකායන අරමුණ වෙනුවෙන් තව තවත් වීර්යයෙන් සහ අධිෂ්ඨානයෙන් යුතුව කැප වන බව උතුම් නත්තලේදී යළි අවධාරණය කරන බවත් ජනපති අනුර කුමාර දිසානායක මහතා නත්තල වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
Read Moreමීගොඩ පොලිස් වසම භීතියට පත් කරමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නියැලුණු විදෙස් රටක සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන හෝමාගම හඳයා නොහොත් තනූජ සම්පත් නැමැත්තාගේ ප්‍රධානතම ගෝලයකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 මිලි ග්‍රෑම් 100 ප්‍රමාණයක් සහ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 900 ක් හා මත්ද්‍රව්‍ය විකිණීමෙන් උපයා ගත් මුදල් රුපියල් දස දහසක් සමග (24) වන දින සවස අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි
Read Moreනීතිවිරෝධී මද්‍යසාර භාවිතය අවම කිරීම සඳහා නීත්‍යනුකූල මද්‍යසාර බෝතලයක් අඩු මිලට ලබා දීමට කටයුතු කිරීම තුළින් රටේ ජනතාව රෝගී වීම ඉහළ යන බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය සඳහන් කරයි.
Read Moreබන්ධනාගාර දෙපාර්තමේන්තුව 2023 වර්ෂයේ සේවක වැටුප් හා අනෙකුත් දීමනාවලට අමතරව අතිකාල හා නිවාඩු දින දීමනා වෙනුවෙන් පමණක් රුපියල් රුපියල් ලක්ෂ 9820 ක් වැයකර තිබෙන බවත්, එම මුදල 2022 වර්ෂයට සාපේක්ෂව රුපියල් ලක්ෂ 1060 ක වැඩි වීමක් බවත් ජාතික විගණන මහ ලේකම් කාර්යාලය සිදුකළ විගණන පරීක්ෂණයකදී තහවුරු වී ඇත.
Read More