saravita-anim2

2025 පෙබරවාරි මස 25 වන අඟහරුවාදා

2025 පෙබරවාරි මස 25 වන අඟහරුවාදා

Latest News - timelapse 251 hours ago

LATEST

වසර දෙකකදි වගාවට සත්ව හානිය රු.මි. 550යි

calendar_today 2024 දෙසැ 29 - 14:35 remove_red_eye - 88  

රිලවුන්, මොනරුන්,සහ වල් අලින් 2022 , 2023 දෙවසරවල තුළදී පමණක් රුපියල් මිලියන 550 ක පොල්, වී, එළවළු, බඩ ඉරිඟු, කෙසෙල් අස්වැන්න විනාශ කර ඇති බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා සඳහන් කර යි.

නත්තල් නිවාඩුවත් සමග නුවරඑලියට දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් පැමිණි බවත්, එසේ පැමිණි සංචාරකයන් හේතුවෙන් නුවරඑලිය ප්‍රදේශයේ සියළුම සංචාරක හෝටල් සහ නවාතැන් පහසුකම් ලබා දෙන ස්ථානවල සියළුම කාමර වෙන්කරගෙන තිබු බව නුවරඑලිය සංචාරක හෝටල් හිමියන්ගේ සංගමයේ නිලධාරියෙකු කියා සිටියේය.

Read More

මවගේ පාදයෙ ආබාධයකට රැගෙන විත් තිබු දියර වේදනා නාශකයක් පානය කල කුඩා දරුවෙකු එයින් ඇතිවු අධික විෂ හේතුවෙන් මුන්දලම රෝහලට ඇතුලත් කර පසුව හලාවත මහ රෝහලින් කොළඹ රිජ්වේ ළමා රෝහල වෙත රැගෙන යමින් සිටියදී අවාසානාවන්ත අයුරීන් මරණයට පත්ව ඇති බව පුත්තලම මූලස්ථාන පොලිසිය කියයි.

Read More

ඉකුත් දින කිහිපයට සාපේක්ෂව 29 දින දඹුල්ල විශේෂිත ආර්ථික මධ්යස්ථානයේ එළවළු වර්ග වල තොග මිල පහත ඉහල යමින් පවතින බව ආර්ථික මධ්යස්ථාන වෙළඳ සංගමයේ නියෝජිතයෝ පවසති.

Read More

ශ්‍රි පාද වන්දනාවේ පැමිණි කාන්තාවක් හදිසියේ රෝගාතුර වි දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු (29) දින ජිවිතක්ෂයට පත් වි ඇති බව නල්ලතන්නිය පොලිසිය පැවසිය. මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ ගල්ගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි රේණුකා දමයන්ති නැමති (57) හැවිරිදි කාන්තාවකි.

Read More

තායිලන්තයේ සිට දකුණු කොරියාව බලා ගමන් කළ ගුවන් යානයක් ගොඩ බෑමට යාමේදි සිදුවූ අනතුරකින් එම ගුවන් යානය පුපුරා ගොස් ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ශ්‍රි ලංකා වේලාවෙන් පෙරවරු 9.30 පමණ වන විට එම ගුවන් අනතුරින් 63ක් මිය ගොස් ඇති බව තහවුරු කර ගෙන තිබුණි.

Read More

කොළඹ සහ ඊට ආසන්න පොලිස් වසම් වල දි සංවිධානාත්මක අයුරින් තීරෝද රථ සොරාගත් පුද්ගලයන් තිදෙනකු සහ එම සොරබඩු සන්තකයේ තබා ගත් පුද්ගලයන් දෙදෙනෙකු රුපියල් කෝටියකට ආසන්න වටිනා තීරෝද රථ නවයක් සමඟ අත්අඩංගුවට ගත් බව කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කියයි. අත්අඩංගුවට පත් වූවන් අතර ගරාජ් හිමියකුද වන බව පොලිසිය කියයි.

Read More

සීදූවේ අද(28දා) සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සහෝදරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ටින් කළ මාළු වර්ග සඳහා උපරිස සිල්ලර මිලක් නියම කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවති පළමු විස්සයි 20 ක්‍රික්ට් තරගයෙන් ලකුණු 08ක ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් විය.

Read More

යෝෂිත රාජපක්ෂ මහතාට ලබන ජනවාරි 03 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පළමු විස්සයි 20 තරගය මේ වන විට පැවැත්වේ.

Read More

ගාලු කොටුවේ පවුරට ඇතුළු වන පැරණි කොටු දොරකඩ දින 04ක් තාවකාලිකව වසා තබන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් කාර්යාලය නිවේදනය කරයි.

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පළමු විස්සයි 20 තරගය අද(28දා) පැවැත්වීමට නියමිතව තිබේ.

Read More

උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත් වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් අද(28දා) වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

බදුල්ල සිට නුවර බලා අද 27 සවස ධාවනය වෙමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියට දියතලාව හපුතලේ අතර තිස් අටවෙනි බිංගෙය තුළදී දුම්රියට යට වී හතළිස් හතර හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි දියතලාව පොලිසිය කියයි.

Read More

පුනර්ජනනීය ව්‍යාපෘතින් මගින් ඉදිරි වසර දෙකක කාලය තුළ මෙගාවොට් 500කට වඩා වැඩි ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එකතු කිරීමට බලාපොරොත්තුව වන බවද ඒ සදහා ඉහළ ශක්‍යතාවක් පවතින බවද මෙහිදි හෙළිවිය.

Read More

කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා අද (27) දේශපාලනයෙන් සමුගන්නා බව සඳහන් කළේය.පානදුරේදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව පැවසීය.

Read More

උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ දිසරික්කයේත් වැසි වාර කිහිපයක් හෙට දිනයේදි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

Read More

දකුණු කොරියාවේ වැඩබලන ජනාධිපති හන් ඩක්-සූට එරෙහිව ගෙනා දෝෂාභියෝයෙන් ඔහු පරාජයට පත්ව තිබේ. දෝෂාභියෝගය ජය ගැනිමට අවශ්‍ය ඡන්ද 151 සිමාව ඉක්මවා එයට නීති සම්පාදකයන් 192ක් පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය.

Read More

ජාත්‍යන්තර පොලිසියේ රතු වරෙන්තුකරුවන් ලෙස සටහන් වී ඇති , ශ්‍රී ලංකාව තුළ රුපියල් කෝටි ගනනක මූල්‍ය වංචා සිදු කර , මෙරටින් පළා ගොස් සිටි අඹසැමි යුවළක් සහ ඔවුන්ගේ බාළ වයස්කාර දරුවා , ගුවන් මගින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් සිටියදී , 12/26 දින ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

ලංකාව හැඩය ඇති හැඩයෙන් දුර්ලභ ස්වභාවික නිල් මැණිකක් තමන් විසින් මිලදී ගත් බව රත්නපුර නිවිතිගල ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙක් ඊයේ (26දා) පැවසුවේය.

Read More

මැලේසියාවේ පැවති ’’ පෙස්ටා ’’ ආරාධිත හොකී තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා පාසැල් වයස අවුරුදු 18 න් පහළ කාන්තා මෙරූන් කණ්ඩායම , එහි ශූරතාවය දිනා ගෙන 12/26 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

Read More

දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත් කර ඇත.

Read More

හෙද, පරිපුරක, අතුරු වෛද්‍ය සේවාවලට අදාළව පුරප්පාඩු විශාල ප්‍රමාණයක් ඇති වී තිබෙන නිසා විශ්‍රාම යමේ වයස අවුරුදු 63 ක් දක්වා දිර්ඝ කළ යුතු බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

Read More

අධිවේගී මාර්ගයේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) සංචාරක මුර සේවයක් යෙදවීමට ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් ජයකොඩි මහතා තීරණය කර තිබේ.

Read More

සිං ඉන්දියාව දීර්ඝතම කාලයක් පාලනය කළ අගමැතිවරයෙකු වූ අතර ඔහු 2004-2014 දක්වා අග්‍රාමාත්‍යවරයා ලෙසත් ඊට පෙර මුදල් අමාත්‍යවරයා ලෙසත් ඉන්දියාවේ ලිබරල්කරණ ආර්ථික ප්‍රතිසංස්කරණවල ප්‍රමුඛතමයා ලෙස සැලකෙයි. ඔහු ඒරට මහ බැංකු අධිපතිවරයා ලෙසද කටයුතු කළේය.

Read More

සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ලබන වසරේ ජනවාරි මුල් සතියේදී පැවැත්වීම සැලසුම් කර ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී , විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා ’අද’ට පැවසීය.

Read More

පසුගිය කාලසීමාවේදී පැවැති විවිධ කරුණු හේතුවෙන් කඩා වැටුණු රටෙහි ආර්ථිකය යළිත් ස්ථායිකරණය කිරීමේ ක්‍රියාවලිය, තවදුරටත් ඉදිරියට ගෙන යෑම නව රජයේ අරමුණ බව රජය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.