saravita-anim2

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා

Latest News - timelapse 264 hours ago

LATEST

අත්අඩංගුවට ගත් සහල් තොග අලෙවි කර මුදල් අධිකරණයේ තැන්පත් කරන්න

calendar_today 2025 පෙබ 18 - 13:02 remove_red_eye - 294  

උත්සව සමයේදී වැඩි මිලට විකිණීම සඳහා සගවා තිබියදී අත්අඩංගුවට ගත් සහල් තොග අලෙවි කර අදාල මුදල් අධිකරණයේ තැන්පත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය පාරිභෝගික සේවා අධිකාරියට ඊයේ (17) නියෝග කළාය.

කූඨ ලෙස සකස් කළ කැනඩා වීසා බලපත්‍ර භාවිතා කරමින් ජපානය හරහා කැනඩාවට පළා යාමට තැත් කළ ශ්‍රී ලාංකික යුවළක් 02/17 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

Read More

මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා කලීල් මහතා 2025 පෙබරවාරි 18 සිට 21 වැනි දින දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වේ.

Read More

ගාල්ල, මාතර, කලුතර හා රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදි හෝ රාත්‍රී කාලයේදි තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඌව පළාතෙත් අම්පාර හා හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

මේ සමස්ත අයවැයේ විශේෂ දුර්වලකමක් වශයෙන් මා දැක්කේ 2025 වසරේ රජය ඉලක්ක කරන 5% ආර්ථික වර්ධනයි. මෙයින් පෙනී යන්නේ ලංකාවේ ශක්තිය නිවැරදිව අවබෝධ කර නොගත් බවක්. පසුගිය වසරේදී 5%ක ආර්ථික වර්ධනයක් අපට ලැබුණා. මෙවර අයවැයෙන් 8%ක හෝ 9%ක ආර්ථික වර්ධනයකට යායුතුව තිබුණත් එවැන්නක් පේන්න නැහැ.

Read More

රාජ්‍ය සේවකයන් රුපියල් විසිදහසකින් වැටුප් වැඩි වීමක් ඉල්ලා සිටියදී අයවැය තුළින් රුපියල් පන්දහසක් ලබා දීමට කටයුතු කිරීම රාජ්‍ය සේවකයන්ගේ බලාපොරොත්තු සුන් කිරීමක් බව රාජ්‍ය, පළාත් රාජ්‍ය, රජයේ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

Read More

- ප්‍රීමා සහ සෙරන්ඩිබ් රු.10කින් මිල අඩු කරයි

Read More

අපනයන කෘෂි භෝග අපනයනය මගින් 2024 වසරේදී වාර්තාගත විදේශ විනිමය ආදායමක් උපයා ඇති බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

Read More

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා, නියෝජ්‍ය අමාත්‍යවරයා සහ කාර්ය මණ්ඩල වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් වාහන 11ක් ලබාදී තිබෙන බව සෞඛ්‍ය වෘත්තීය සමිති පෙන්වා දෙයි.

Read More

මෙරට පුරවැසියාට රජයේ රෝහලකින් අවම කාලයක දී ගුණාත්මක, කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් සැපයීම මෙන් ම රෝගී තත්ත්ව පිළිබඳව පසුවිපරම විධිමත් ව සිදු කිරීම උදෙසා රෝගී දත්ත පරිගණක ගත කිරීමේ ව්‍යපෘතිය දිවයින පුරා පිහිටි සියලු ම රෝහල්වල ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.

Read More

යාල රක්ෂිතයේ කලාප (iii) සහ (iv) වල නිතර සැරිසරමින් සිටි සැන්ඩෝ නමින් හැඳින්වෙන දළ ඇතාගේ ඇට සැකිල්ල රක්ෂිතයේ වැලිආර ආයකපොල්ල ප්‍රදේශයේ තිබී (16) වෙනිදා වනජීවී නිලධාරීන්ට හමුවී ඇත.

Read More

නොරෝච්චෝල ලක්විජය බලාගාරයෙ ජනන යන්ත්‍ර තුනම මේ වනවිට සක්‍රියව විදුලිය නිෂ්පාදනය ආරම්භ කර ඇති බවත් ඒ අනුව උපරිම ධාරීතාවයෙන් විදුලිය නිෂ්පාදනය 17 අලුයම වන විට ආරම්භ වු බව විදුලි බල මංඩල උසස් නිළධාරීයකු පැවසිය.

Read More

ජනපති අනුර කුමාර දිසානායක මහතා ඉදරිපත් කළ අයවැයෙන් රාජ්‍ය සේවක අවම මූලික වැටුප රුපියල් 15750කින් වැඩි කිරීමට යෝජනා ඉදිරිපත් කළත් එහිදී සිදුවන අවම ශුද්ධ වැටුප් වැඩිවීම රුපියල් 8250කි.

Read More

පසුගිය කාලයේ ඇති වූ මහා වර්ෂාපතනය හේතුවෙන් එළවළු නිෂ්පාදන වෙළදපලට ලැබීම අඩුවීම නිසා එළවළු මිල සීග්‍රයෙන් ඉහළ යමින් පවතින බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දෝ පවසති.

Read More

යුද හමුදවේ මේජර් නිලයෙන් පහළ සාමාජිකයන්ගේ ගමන් බලපත්‍ර ඔවුන්ගේ රෙජිමේන්තු වෙත භාරදෙන ලෙස නියෝග කර ඇත්තේ හුදෙක්ම හමුදාවේ පරිපාලන කටයුතු පහසු කිරීමේ අපේක්ෂාවෙන් බව යුද හමුදාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

මෙවර අයවැයෙන් මධ්‍ය අධිවේගයේ අදියර දෙකක ඉදිකිරීම් වෙනුවෙන් රුපියල් බිලියන 115.3ක් අයවැයෙන් වෙන් කර තිබේ.

Read More

කැසිනෝහල් සඳහා ඇතුළත්විමේදී අය කරන බදු මුදල එක් පුද්ගලයෙක් සඳහා ඩොලර් 50 සිට ඩොලර් 100ක් දක්වා වැඩි කිරීමට නව අයවැයෙන් යෝජනා කර තිබේ.

Read More

ජාතික ජන බලවේගය රජය වෙනුවෙන් මුදල් අමාත්‍යවරයා ලෙස ජනපති අනුර කුමාර දිසානයක මහතා ඉදිරිපත් කළ අයවැයේ රුපියල් බිලියන 2200ක හිඟයක් පවතී.

Read More

අවිස්සාවේල්ල සිට කහවත්ත දක්වා කැලණි වැලි දුම්රිය මාර්ගය පැරණි මාර්ගයේම ඉදිකිරීමට අවධානය යොමුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ප්‍රධාන ඉංජිනේරු (මාර්ග) පී.ජේ. ප්‍රේමතිලක මහතා කීවේය.

Read More

1994 දී වසරෙදී වසා දමන ලද කන්තලේ සීනි කර්මාන්තායතනයේ වන්දි ලබා දි ඉවත් කරන ලද සේවකයන් 33 දෙනෙක් සඳහා 2020, 2021, 2022 සහ 2023 වර්ෂවලදී රුපියල් හයකෝටි තිස්දෙලක්ෂ තිස්එක්දහස් පන්සිය හැත්තෑඅටක් (6,32,31,678/-) වැටුප්, දීමනා, අතිකාල, සේවක අර්ථ සාධක හා සේවක භාරකාර (EPF/ETF) වශයෙන් ගෙවා තිබෙන බව ජාතික විගණන මහ ලේකම් කාර්යාලය සිදුකරන ලද විගණන පරීක්ෂණයකදී තහවුරු වී තිබේ.

Read More

ජනපති කාර්යාලය සතු අධි සුඛෝපභෝගී වාහන 18ක් භාවිතයෙන් ඉවත් කරන ලද වාහන වාහන 8ක් අලෙවි කිරීම වෙනුවෙන් ජනපති කාර්යාලය විසින් ටෙන්ඩර් කැඳවීමක් සිදුකර තිබේ.

Read More

ඇතැම් ප්‍රදේශවල අමුමිරිස් කිලෝවක් සිල්ලර මිල රු.1800 දක්වාත් මාළු මිරිස් කිලෝවක මිල රු.1500 දක්වාත් කැරට් කිලෝවක මිල රු.1400 දක්වාත් ඉහළ ගොස් තිබේ.

Read More

නීති විරෝධී ගිනි අවි 197ක් හා බීමත් රියදුරන් 11054ක් අත්අඩංගුවට ගෙන තිබෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේය.

Read More

මේජර් තනතුරින් පහළ සියලු යුද්ධ හමුදා සෙබළුන්ගේ විදෙස් ගමන් බලපත්‍ර අදාළ රෙජිමේන්තු වෙත භාරදීමට පියවර ගන්නා ලෙස යුද හමුදා මූලස්ථානය මගින් දැනුම් දීමක් සිදුකර තිබේ.

Read More

පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් සහ කළමනාකරණ මණ්ඩලයෙන් එකඟතාවක් නැවත ලබා දෙන තුරු එක්සත් ජාතික පක්ෂය සමග සිදු කරනු ලබන කිසිදු සාකච්ඡාවකට සම්බන්ධ නොවීමට තමා තීරණය කළ බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය.

Read More

වත්මන් රජයේ අයවැය ඉදිරිපත් කිරීමට ළංවෙත්ම විපක්ෂයේ ඇතැම් පිරිස් අයවැයට උපදෙස් ලබාදීමට පටන්ගෙන තිබෙන බවත් ඔවුන්ගේ කාලයේ ඉදිරිපත් කළ අයවැය තුළින් රට බංකොලොත් වී ඇති බැවින් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ උපදෙස් අයවැය සඳහා අවශ්‍ය නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

Read More

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI BUNG TOMO - 357’ යුද නෞකාව සුහද සංචාරයක් සඳහා අද (2025 පෙබරවාරි 16) කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව පිළිගැනීම සිදු කෙරිණි.

Read More

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලය මඟින් මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ඉඳිකිරීමට නියමිත හෘද රෝග ප්‍රතිකාර ඒකකයට මුල්ගල තැබීම (16) දා පෙරවරුවේ සිදුකෙරිණි.

Read More

රජයේ ප්‍රධාන වතු සමාගම් තුනක් වසර 25 ක් තිස්සේ සේවකයින්ගෙන් අය කර ගත් අර්ථ සාධක අරමුදලේ සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලේ හිඟය රුපියල් කෝටි 500 ඉක්මවන බැවින් එම මුදල් ගෙවීම සඳහා මෙවර අයවැයෙන් ප්‍රමාණවත් මුදල් වෙන් කරන ලෙස ලංකා වතු සේවා සංගමය රජයෙන් ඉල්ලා සිටියි.

Read More

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ඇති කොලොනොස්කොපි යන්ත්‍ර දෙකම හා එන්ඩොස්කොපි පරික්ෂණ සිදු කරන ERCP යන්ත්‍ර 4න් 3ක් කැඩි යෑම නිසා රෝගීන් දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.