saravita-anim2

2025 මාර්තු මස 26 වන බදාදා

2025 මාර්තු මස 26 වන බදාදා

Latest News - timelapse 22 hours ago

LATEST

වැලිගම හෝටලයේ වෙඩි තැබිමට අදාළ ඉතිරි සැකකාර පොලිස් නිලධාරින්ට අධිකරණය දුන් නියෝගය

calendar_today 2025 මාර් 21 - 18:10 remove_red_eye - 170  

මාතර වැලිගම ‘ඩබ්ලිව්. 15’ හෝටලයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් සැකකරුවකු වශයෙන් නම්කර නොමැති කොළඹ අපරාධ කොට්ඨාශයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි නෙවිල් ද සිල්වා මහතා හැර එම කොට්ඨාශයේ අනෙකුත් නිලධාරීන් හත්දෙනා අත්අඩංගුවට නොගන්නා බවට නීතීපතිවරයා දී තිබූ එකඟතාවය තවදුරටත් දීර්ඝ නොකිරීම

එකලස් කළා යැයි කියන වී-8 වර්ගයේ සුඛෝපභෝගී මෝටර්රථය සම්බන්ධයෙන් කරන විමර්ශන වලට අදාළව රහස් පොලිසිය තමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මෙනවියට අපේක්ෂිත ඇප ඇයැදුම් පත්‍රයක් අද (21) ඉදිරිපත් කළේය.

Read More

ශ්‍රි ලංකා ගුවන් හමුදා කටුනායක මූලික කඳවුරේ පිහිටි ගුවන් හමුදා ප්‍රහාරක අංක 5 ප්‍රහාරක බලඝනයට අනියුක්ත් කර ඇති ගුවන් නියමුවන්ගේ උසස් පුහුණුවිම් සඳහා යොදාගනු ලබන කේ 8 වර්ගයේ ගුවන් යානය කඩා වැටිම පිලිබඳව විමර්ෂණයට ගුවන් හමුදාපති විසින් ‍වි‍ශේෂ පරික්ෂණ කමිටුවක් පත්කර තිබේ. සාමජිකයන් හත් දෙනෙකුගෙන් යුත් කමිටුවක් මේ වෙනුවෙන් පත්කර තිබේ.

Read More

ඇදුම රෝගය උත්සන්න වී මාතර මහ රෝහලට පැමීණි දස හැවිරිදි දරුවෙකුට අවශ්‍ය ඇස්තලින් සොලූෂන් නැමැති ඖෂධය එම අවස්ථාවේ නොමැති වීම නිසා සංවේදී වු ලමා රෝග විශේෂඥ වෛද්‍ය සමත් සමිත සෝමරත්න මහතා ඊයේ (21) එම රෝහලට අදාල වර්ගයේ ඖෂධ තොගයක් සිය පුද්ගලික වියදමින් පරිත්‍යාග කලේය.

Read More

මෙවර පළාත් පාලන මැතිවරණයේදී වැඩිම නාම යෝජනා ප්‍රතික්ෂේප වීම මහනුවරින් වාර්තා වූබවත් ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කය සඳහා ඉදිරිපත් වූ නාම යෝජනා පත්‍ර 210 න් 58ක් ප්‍රතික්ෂේප වූ බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා පවසයි.

Read More

අයවැය තෙවැනි වර කියැවිමේ ඡන්ද විමසිම අද දිනයේදි පැවැත්විමට නියමිතය. ඒ අනුව අයවැය කාරක සභා විවාදයේ අවසන් දිනය අදයි.

Read More

ග්‍රෑන්ඩ්පාස්, නාගලගම්වීදිය ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු කළ වෙඩි තැබිමකින් පුද්ගලයන් දෙදෙනෙක් තුවාල ලැබිමේ සිදුවිම සම්බන්ධයෙන් සැකපිට 24 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ හා උතුරු පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

Read More

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වි තිබේ. ඔහුගේ ඉල්ලා අස්විමට අදාළ ලිපිය වැඩබලන පොලිස්පති ප්‍රියන්ත විජේසූරිය මහතා වෙත යොමුකර තිබේ.

Read More

ගුවන් හමුදා පුහුණු ගුවන් යානයක් 21අලුයම වාරියපොල පොලිස් වසමේ මිනුවන්ගැටේ ප්‍රදේශයේ පොල් වත්තකට කඩා වැටී ඇති බවත් එහි සිටි නිලධාරින් දෙදෙනා දිවි බේරා ගෙන ඇති බවද පොලීසිය පවසයි.

Read More

රුපියල් එක් කෝටි හැත්තෑ අට ලක්ෂයක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් ඉකුත් සති දෙකක කාළය තුළ කොළඹ මධ්‍යම හුවමාරුව තුළ භාර ගැනීමට නොපැමිණි පාර්සල් තුළ තිබී ශ්‍රී ලංකා රේගුවේ තැපැල් තක්සේරු අංශයේ නිලධාරීන් විසින් 03/19 දින පස්වරුවේ සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත අද (20) පාර්ලිමේන්තුවේ සංශෝධන රහිතව සම්මත විය.

Read More

වැලිගම පැලෑණ W15 හෝටලය ඉදිරීපිට සීදුවු වෙඩි තැබීමේ සීද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් කර ඇති අනිවාර්ය නිවාඩු යැවු පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාට එල්ල වී ඇති චෝදනා නවය පහත පරිදි වේ.

Read More

ලබන 03 වැනි දින දක්වා රිමාන්ඩ් භාරයට පත් කල අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා නුවර දුම්බර බෝගම්බර බන්ධනාගාරය වෙත රැගෙන ගිය බව බන්ධනාගාර ප්‍රකාශකයෙකු “අද” ට පැවසීය.

Read More

බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය (TIN) තවමත් ක්‍රියාත්මක නැහැ - කාරක සභාව හෙළි කරයි කැසිනෝ නියාමකයෙකු නිසි ලෙස ස්ථාපිත කිරීමට අමාත්‍යාංශය අපොහොසත් වීම පිළිබඳව කාරක සභාවේ අප්‍රසාදය

Read More

නොචියාගම පොලිස් වසමේ පහල හල්මිල්ලෑව ප්‍රදේශයේ පොල් ඉඩමකට ඇතුල් වී, රුපියල් ලක්ෂයකට ආසන්න පොල් ගෙඩි 450ක් කඩා සොරකම් කල පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව නොච්චියාගම පොලිසිය පවසයි.

Read More

පාසල් පාවහන් ලබා දීම සඳහා වන තිළිණපතෙහි (2025 වර්ෂය) වලංගු කාලය 2025.04.10 දින දක්වා දීර්ඝ කර ඇති බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

දික්වැල්ල, ඌරුගමුව ප්‍ර දේශයේ පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයට ලද තොරතුරක් මත කරනු ලැබූ වැටලීමකින් අනතුරුව හොරෙයිනන් කිලෝ ග්‍රෑම් 33ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

Read More

පාස්කු ප්‍රහාරයේ වළක්වා ගැනීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා රහස් පොලීසියේ හිටපු අධක්ෂක ශානි අබේසේකර මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ඔක්තෝබර් 19 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (20) දින නියම කළේය.

Read More

පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා ලබන අප්‍රේල් 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය අද (20දා) නියෝග කළේය.

Read More

මෙවර අයවැය දත්ත මත පදනම්ව විද්‍යාත්මකව හා සැලසුම් සහගතව ක්‍රියාත්මක වන අයවැයක්

Read More

පළාත් පාලන මැතිවරණ ලබන මැයි 06 වැකිදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.

Read More

නීත්‍යානූකූලව සේවයෙන් ඉවත් නොවී සේවයට වාර්තා නොකර සිටි ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 1,604ක් අත්අඩංගුවට ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

මෙරට තුළ සිගරට් සම්බන්ධයෙන් බදු පැනවීම සිදු කරනු ලබන්නේ නිසි ක්‍රමවේදයකට නොවන බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා වයඹ පළාත්වලත් ගාල්ල, මාතර හා මන්නාරම දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාරත්මේන්තුව කියයි.

Read More

-වාර්ෂිකව අලුතින් හදුනාගැනෙන මුඛ පිළිකා රෝගීන් ගණන 3000ක්

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පදයට නටන රූකඩයක් බවට පත්වුණු ආණ්ඩුවක් නිර්මාණය වී තිබෙන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

බලපත්‍රයක් නොමැතිව විස්කි, බැන්ඩ් වැනි විදේශීය මත්පැන් හා බියර් ලීටර් අසූවක් තබා ගත හැකි බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ගාල්ල මහනගර සභා බල ප්‍රදේශයෙහි ප්‍රදර්ශනය කොට ඇති ස්ථිර දැන්විම් පුවරු 401ක් වෙනුවෙන් අයවිය යුතු රුපියල් එක්කෝටි, තිස්නව ලක්ෂ, හාරදහස් පන්සිය අසූනවයක (13,904,589) දැන්වීම් පුවරු ගාස්තු නගර සභාව විසින් අයකොට නොතිබූ බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.

Read More

ජපානයෙන් ආනයනය කර තවමත් රේගුවෙන් නිදහස් කර ගැනිමට නොහැකිවී ඇති වාහන 400ක් පමණ නිදහස් කර ගැනිමට පැවැති නීතිමය බාධා ඉවත් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.