වර්තමාන විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා විදුලිබල මණ්ඩලයට උපදේශනය ලබා දෙන සමාගමකත් කටයුතු කරන බවත්, එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ඔහුගේ බිරිඳ කටයුතු කරන බවත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පැවසීය.
නුවරඑලිය පීඩ්රූ වතුයායට බලහත්කාරයෙන් ඇතුළු වී එහි පාලන අධිකාරියට තර්ජනය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නුවරඑළිය මහේස්ත්‍රාත් අධිරණය මගින් නිකුත් කර තිබු නොතිසි අනුව අද (03) දින අධිකරණය වෙත ඉදිරිපත් වු ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. ජීවන් තොන්ඩමන් මහතා ඇතුළු එම පක්ෂයේ ආධාර කරුවන් 9 දෙනෙකු රු. පනස්දහස බැගින් වු පුද්ගල ඇප දෙකක් මත සැකකරුවන් මුදාහැර යලිත් මෙම නඩුව ජූනි මස (09) වන දින කැදවීමට නුවරඑළිය මහේස්ත්‍රාත් ල
Read Moreඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන 336 ක පළාත් පාලන ඡන්ද විමසීම- 2025 සඳහා මාර්තු 17 දා සිට මාර්තු 20 දක්වා නාම යෝජනා කැඳවා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.
Read Moreමෙරට බුද්ධි අංශ මාලිමාකරණය කරමින් පවතින බවට පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා චෝදනා කර සිටියි. ඒ මහතා මේ බව සදහන්කර සිටියේ අද දින (03) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. පිවිතුරු හෙළ උරුමය නායකයා එහිදී වැඩිදුරටත් මෙසේ පැවසීය.
Read Moreදිවයිනේ දැනට පවතින වැසි සහිත කාලගුණ තත්ත්යේ අඩුවිමක් හෙට (04දා) දිනයේ සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
Read Moreපළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනත යටතේ දිවයිනේ පරිපාලන දිස්ත්‍රික්ක 25 සඳහා තේරීම්භාර නිලධරයන් හා සහකාර තේරීම්භාර නිලධරයන් පත්කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් අති විශේෂ ගැසට් නිවේදයක් නිකුත් කරයි.
Read Moreවන අලි දුම්රියන්හි ගැටිම වැළැක්විම සඳහා අමතර වේග සිමා හා දුම්රිය ආරම්භක වේලාවන් සංශෝධනය කිරිමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු තර කර තිබේ.
Read Moreවිදෙස් ගතව සිට මෙරටට පැමිණි පියා ගෙන ආ හෑන්ඩ් ෆ්‍රී දෙක කණේ ගසාගෙන ජංගම දුරකතනයෙන් ගීතයක් අසමින් දුම්රිය මාර්ගයේ ගමන් ගත් සාමානය පෙළ විභාගයට මුහුණදීමට ප්‍ර වේශපත්‍ර අත්සන් කිරීමට යාමට නියමිතව සිටි පාසල් සිසුවෙක් ඊයේ (2) පස්වරුවේදී මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අම්බලන්ගොඩදී දුම්රියක ගැටී මිය ගොස් ඇති බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
Read Moreතායිලන්තයේ පැවති 2025 - ලෝක සම්භාහන තරගාවලියට (Universal Massage Championship - 2025) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ප්‍රනීත් ලසන්ත , එම තරගාවලියේ දී අනුශූරතාවය දිනා ගනිමින් ශ්‍රී ලංකාවට පළමු වරට සම්භාහන ක්ෂේත්‍රයෙන් රිදී පදක්කම දිනා ගැනීමට සමත් වී තිබූ අතර , ඔහු 03/02 දින රාත්‍රී එය රැගෙන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය .
Read Moreඅද (03දා) නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් ඉඩම්වල කළුගල් කඩන ව්‍යාපාරිකයන් 85 දෙනෙකුගෙන් ඉඩම් පරිහරණ ගාස්තු වශයෙන් 2024 වර්ෂයට අයවිය යුතු රුපියල් විසිනවකෝටි අසූතුන්ලක්ෂ හැට දෙදහස් අටසීය විසිනවයක මුදලක් (රු.298,362,829.00) අයකරගෙන නොතිබූ බව ජාතික විගණන කාර්යාලය මගින් මාර්තු මස 1 වැනි දින නිකුත් කරන ලද විගණන වාර්තාවක සඳහන් වේ.
Read Moreදෛනිකව බවුසර්වලට ඉන්ධන නිකුත් කිරීම සාමාන්‍ය පරිදි සිදුවන නිසා රට තුළ කිසිදු අවස්ථාවක ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් නොමැති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.
Read Moreඅයවැයෙන් කප්පාදු කිරීමට යෝජනා කර තිබෙන සෞඛ්‍ය සේවකයන්ගේ දීමනා ගැටලුවලට අද(03දා) විසඳුම් නොලැබුණ හොත් 06 වැනි දින පැය 24 ක වැඩ වර්ජනයක් සිදුකරන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් නායක ලෙස හිටපු දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පත් කිරීමට එම පක්ෂයේ මාතර දිස්ත්‍රික් විධායක සභාව අද (02දා) ඒකමතිකව තීරණය කළේය.
Read Moreඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ ගැටලුවට රජය වහාම විසඳුම් ලබා දිය යුතු බවත්, එම විසඳුම් ලබා දෙන තෙක් මෙතෙක් පැවති ගිවිසුම ක්‍රියාත්මක කළ යුතු බවත් සමගි ජන බලවේගයේ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Read Moreපවතින වර්ෂා කාලගුණික තත්ත්වය හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු යාල ජාතික උද්‍යානයේ කලාප අංක 1 සහ 2 ප්‍රදේශ සංචාරකයන්ට වසා ඇත.
Read Moreමම රාත්‍රියේ ත්‍රිවිල් රථයෙන් බිස්කට් එකක් ගන්න පාලම ළඟ කඩේට ගියා. මැණික් ගඟේ ජල මට්ටම ඉතාමත් වැඩියි. එකපාරටම පාලම පැත්තෙන් විශාල ශබ්දයක් ඇසුණා. මම හිතුවේ පාලම කඩාගෙන ගියා කියලා. බලන විට පාලම තියෙනවා මම පාලම මතින් දුවගෙන ආවා.ගඟ දෙස බලන විට සුදු පාට වාහනයක් වතුරේ පෙවිලා තියෙනව දැක්කා. ඒකෙ හිටිය අය බේරගන්න කියලා හයියෙන් කෑගහනවා ඇහුණා. මම පාලමෙන් ගඟට පැන්නා. වතුරෙන් වැහෙන වාහනය ළඟට පීනලා ගියා .
Read Moreරුපියල් කෝටි 10 කට ආසන්න වටිනා මත්පෙති තොගයක් බලපත්‍ර නොමැතිව. වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි බස් රථ රියදුරෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
Read Moreඉදිරි වසර තුනක කාලපරිච්ඡේදය සදහා අඛණ්ඩ පෝෂණ වැඩපිළිවෙළක් දියත් කිරීමට සැලසුම් කරන බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් රට තුළ දැනට ක්‍රියාත්මක පෝෂණ වැඩසටහනට නවාංග රැසක් එක්කරමින් ඉහත වැඩසටහන හා සමගාමීව එම කටයුතු ද ක්‍රියාත්මක කරන බවත්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.
Read Moreබස්නාහිර, මධ්‍යම, සබරගමුව හා දකුණු පළාත්වලත් මොණරාගල දිස්ත්‍රික්කයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. අද රාත්‍රී 9.30 තෙක් වලංගු වන පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබේ.
Read Moreමේ වසරේ පැවැත්වීමට යෝජනා වී ඇතිදළදාදැක්මමල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ එකඟතාවයවය පරිදි අප්‍රේල් මස 18 සිට27 වැනි දින දක්වාපැවැත්වීමට නියමිත බවශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතානිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.
Read Moreඅතුරුගිරියේ නගරයේ දි දෙනෝදහසක් දෙනා බලා සිටියදී කාන්තාවකගේ ගෙල බැඳී රුපියල් ලක්ෂ 5 ක් පමණ වටිනා රන්මාලය සහ පෙන්ඩනය කාන්තාවන් දෙදෙනකු විසින් කොල්ලකා ඇතැයි අතුරුගිරිය පොලිසිය කියයි.
Read More• අනීතිකව පවත්වාගෙන යන මල් ශාලාව තහනම් කිරීමට කාරක සභාවෙන් උපදෙස්. • කුඨ ලේඛන පෙන්වා භුමියේ අයිතිය ගැනීමට කළ උත්සාහය සාර්ථක උනේ නෑ, ජිවිත තර්ජන පවා ආවා - කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික කොමසාරිස්වරිය පැහැදිළි කරයි.
Read Moreචැම්පියන්ස් කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර තරගය ආරම්භ වී තිබේ.
Read Moreකොළඹ අලුත් කඩේ අධිකරණයේ අංක පහ අධිකරණ ශාලාවේ විත්ති කූඩුව තුළදී ගනේ මුල්ල සංජීව නමැත්තා ඝාතනය කිරීමේ අපරාදයේ වෙඩික්කරුව සහ අත්අඩංගුවට ගැනීමට නියමිත සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි නමැත්තියව අපරාධය මෙහෙයවන ලද අපරාධකරුවන් සම්බන්ධ කර ගැනීම සඳහා සිම්පත් ලබා දුන් පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසයය කියයි.
Read Moreපොලිස් අණ නොතකා ධාවනය කළ ලොරි රථයකට පොලීසිය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේදී වෙඩි තබා තිබේ.
Read Moreරාමසාන් උපවාස සමය අද (02) සිට ආරම්භ විය. ඒ අනුව, අද දිනයේ සිට මාසයක කාලයක් ඉස්ලාම් බැතිමතුන් උපවාසයේ යෙදෙන බව සඳහන්ය.ඊයේ (01) රාත්‍රී නව සඳ දර්ශනය වීම හේතුවෙන් රාමසාන් උපවාසය ආරම්භ විය.
Read Moreදසවැනි පාර්ලිමේන්තුව යටතේ ආංශික අධීක්ෂණ කාරක සභා 7 ක් ස්ථාපිත කිරීමටත් ඉන් 3 ක සභාපතිධුර විපක්ෂයටත් 4ක සභාපතිධුර ආණ්ඩු පක්ෂයටත් ලබා දීමටත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී එකඟත්වය පළවූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.
Read Moreරංගිරි දඹුල්ල විවිධ සේවා සමූපකාර සමිතියේ සිදුවී ඇතැයි කියන වංචා රැසක් සම්බන්ධයෙන් මධ්‍යම පළාත් සභාවේ සමූපකාර දෙපාර්තමේන්තුව මඟින් ඔවුන්ට පැවරී ඇති බලතල අනුව 46 (1) පරීක්ෂණයක් ආරම්භ කොට ඇතැයි මධ්‍යම පළාත් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවන් දැන්වීම් මඟින් ප්‍රසිද්ධ කොට තිබේ.
Read Moreනැහෙනහිර, දකුණු හා ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය හා පොළාන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
Read More