පැය 48ක කාලයක් තුළදී ඉන්දීය ගුවන් යානා 10ක පමණ බෝම්බ ඇති බවට වූ තර්ජන හේතුවෙන් එම ගුවන් යානා ප්‍රමාද කිරීම හෝ හරවා යැවීම සිදු කර තිබේ.
රුපියල් බිලියන 3.5ක වැට් බදු නොගෙවීම හේතුවෙන් අත්අඩංගුවට ගත් ඩබ්.එම්.මෙන්ඩිස් සහ සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් ඇතුළු දෙදෙනෙකුට කළ ඇප ඉල්ලීම අද(16දා) දෙවන වරටත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කර තිබේ.
Read Moreඅනුරාධපුර මධ්‍යම නූවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උලුක්කුලම ප්‍රදේශයේ සත්ත්ව ගොවිපලවල් තුල සීඝ්‍රයෙන් පැතිර යන වෛරස් රෝගයක් හේතුවෙන්, ඌරන් විශාල වශයෙන් මිය යමින් සිටින බව එම සත්ත්ව ගොවීහු පවසති.
Read Moreඉතාලි ජාතිකයෙකුට අයත් ගමන් බලපත්‍රයකින් මෙරටට ඇතුළු වීමට තැත් කළ ඉරාන ජාතිකයෙකු 10/16 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී අත් අඩංගුවට ගත් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් , ඔහු ආපසු පිටුවහල් කිරීමට ද පියවර ගෙන තිබුණි .
Read Moreපාර්ලිමේන්තු මැතිවරණයට අදාළ අපේක්ෂකයින්ගේ මනාප අංක අද (16) දිනයේදී අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලින් ලබාගත හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
Read Moreතමන් දේශපාලනයෙන් විශ්‍රාම නොගත් බවත් තාවකාලික සමුගැනිමක් පමණක් සිදුකළ බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසිය.
Read Moreඉංදියානූ ශ්‍රී ලංකා ඒකාබද්ධ නිර්මාණය ක් ලෙස උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල අහස්නවය ආරුක්කු පාලම අසල රූගත කිරිම් කල මිරායි චිත්‍රපටයේ රූගත කිරිම් හේතුවෙන් දින කීපයක් සීමා කර තිබූ කොළඹ කොටුව බදුල්ල අතර දුම්රිය ධාවනය අද (16) සිට යලි සුපුරුදු පරිදි ධාවනය කැරෙන බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි .
Read Moreතමා සතු පාස්කු වාර්තා දෙක ලබා දුන් පසු ප්‍රසිද්ධ කරන බවට විජිත හේරත් ඇමතිවරයා හෝ ආණ්ඩුව ප්‍රතිඥාවක් නොදෙන්නේ නම් එම වාර්තා කිසිදු හේතුවක් මත ආණ්ඩුවට භාර දීමට තමා සූදානම් නොමැති බව පිවිතුරු හෙළඋරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පැවසීය.
Read Moreදඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආශ්‍රිතව ඉදි කොට වැඩ අවසන් කොට ඇති ශිතාගාරය ගොවිජනතාවගේ කටයුතු වෙනුවෙන් කඩිනමින් විවෘත කරන ලෙස ගොවි සංවිධාන නියෝජිතයින් රජයෙන් ඉල්ලා සිටි.
Read Moreදිවයිනේ නිරිත දිග කොටසේ පැවති තද වැසි තත්ත්වය ක්‍රමයෙන් අඩුවනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreදින 67ක් මුහුදේ අතරමංව සිටි රුසියානු ජාතිකයෙකු බේරාගෙන තිබේ.
Read Moreමෙරට වයස අවුරුදු පහට අඩු දරුවන් 10,323දෙනෙකු උග්‍ර පෝෂණ ඌනතාවයෙන් පෙළෙන බැව්, පෝෂණ මාසය නිමිත්තෙන් 2024 වර්ෂයට අදාළව පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශය මගින් නිකුත් කොට ඇති වාර්තාවේ සඳහන් වේ.
Read Moreලොව පුරා සංචාරකයන්ගේ මනාපය අනුව ට්‍රිප්ඇඩ්වයිසර් සංචාරක මාර්ගෝපදේශක වෙබ්අඩවිය BEST OF THE BEST RESTAURANTS නමින් කළ මත විමසුමකදී, ලොව හොඳම රෙස්ටුරන් අතර දෙවැනි ස්ථානය, ඇල්ල චිල් රෙස්ටුරන් හිමිකර ගෙන තිබේ.
Read Moreපාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් පැවති සියලු පරීක්ෂණ කතෝලික සභාව පිළිනොගන්නා බැවින් පිළිගත හැකි යුක්තිසහගත පරීක්ෂණයක් පවත්වා කතෝලික ජනාතවට සාධාරණය ඉටු කරන්නැයි අනුර කුමාර දිසානායක ජනාධිපති වරයාගෙන් ඉල්ලා සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාංසා මහතා පැවසීය.
Read Moreආහාර ප්‍රතිපත්ති කමිටු නිලධරයන්ගේ සංයුතියේ සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලබා දී ඇත.
Read Moreශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය වන ණය කළමනාකරණ මෘදුකාංග පද්ධතියක් මිලදී ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.
Read Moreශ්‍රී ලංකා පොලීසිය සැකපිට චීන ජාතිකයන් ඇතුළු විදේශිකයින් පිරිසක් අත්අඩංගුවට ගත් බවට පළවන නවතම වාර්තා පිළිබඳව චීන තානාපති කාර්‍යාලයේ අවදානය යොමුව ඇති බව තානාපති කාර්‍යාලය පවසයි. මෙය චීනයේ කීර්තිනාමයට බරපතල හානියක් බව ද තානාපති කාර්‍යාලය සඳහන් පවසන්නේ, මෙම පරීක්ෂණ කටයුතු සිදුකර නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පූර්ණ සහයෝගය ලබාදෙන බවයි.
Read Moreමාතර පොලිස් වසමේ රුවන්වැල්ල ප්‍ර දේශයේදී ත්‍රී රෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට නාඳුනන තුවක්කුකරුවෙක් විසින් වෙඩි තබා පළාගොස් ඇති බව පොලීසිය කියයි.වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගයා එම ස්ථානයේදීම මියගොස් ඇති තිබේ.
Read Moreනාවලපිටිය සිට නානුඔය බලා ධාවනය වු දුම්රියක් තලවකැලේ සහ වටගොඩ දුම්රිය ස්ථානය අතරදී අද (15) සවස පීලි පැනීමකට ලක්වීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී පැවැති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.
Read Moreසිංහරාජ ලෝක උරුම වනාන්තරයට සහ හොර්ටන්තැන්න ජාතික උද්‍යානයට ඇතුල්වි මෙරටට ආවේනික ජෛව සම්පත් රැස් කිරීමේ චෝදනාවන්ට වරද පිළිගත් රුසියානුවන් දෙදෙනාට රුපියල් කෝටි 11 1/2ක දඩයක් ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් දිලුම් ප්‍රනාන්දු මහතා අද (15) නියම කළේය.
Read Moreහම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එච්.පි සුමණසේකර මහතා අද (15දා) සිට හදිසියේම හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් අධිකරණ,රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අමාත්‍යාංශය වෙත ස්ථාන මාරුකර කර එම තනතුර සඳහා දකුණු පළාත් අමාත්‍යංශ ලේකම්වරයෙකු ලෙස කටයුතු කරමින් සිටි අයි බි අයි ,සිල්වා මහතා පත්කර තිබේ.
Read Moreමහජන ධනය සාංඝික දේපළක් හා සමානව සුරැකිය යුතු බවත් එම ධනය වංචාවට හෝ දූෂණයට ලක් කිරීමට කිසිදු අයෙකුට යුක්ති සහගත අයිතියක් නොමැති බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Read Moreමේ මාසයට අදාල විශාම වැටුප ගෙවීම හේතුවෙන් රජය විසින් දීමට තීරණය කරතිබූ රු 3000ක මුදල මේමාසයේදී දීමනාවක් ලෙසදීමට තීරණය කොට තිබෙනවා.
Read Moreසංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි දෙවන විස්සයි 20 ක්‍රිකට් තරගය අද(15දා) පැවැත්වීමට නියමිතව තිබේ.
Read Moreබංග්ලාදේශ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනමකට ලක් කර තිබේ.
Read Moreපවතින වර්ෂාව තත්ත්වය මත දෙමහල් නිවසක ජලය කාන්දු වූ ස්ථානයකට සෙවිලි තහඩුවක් සවි කිරීමට යාමේදී පය ලිස්සා අඩි විසිපහක පමණ උසකින් බිමට ඇද වැටුණු යාන්ත්‍රික සිවිල් ඉංජිනේරුවරයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.
Read Moreපාස්කු ප්‍රහාරය පිළිබඳ වාර්තා උදය ගම්මන්පිල මහතා සතුව තිබෙන්නේ නම් එම වාර්තා වහාම රජයට භාර දීමට දින 03ක කාලයක් ලබා දෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
Read Moreහිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනිද්දා (17දා) විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබේ.
Read Moreමාලඹේ පැරකුම්බා මාවත ප්‍රදේශයේ ගරාජයක ගාල්කර තිබූ බස් රථයක වැකුම් නොමැතිව රෝදයට පහත් වී තිබූ දකුණු පස රෝදයට වැකුම් පුරවා එය නිවැරදිව සිදුවී තිබේදැයි පරීක්ෂා කිරීමට හිස ඇතුලට දමා බලද්දී වැකුම් නිම වී යළිත් වරක් බස් රථය පහත්වෙද්දී රෝදයට ගෙල සිරවී බස් රථ රියදුරෙකු එම ස්ථානයේදීම මියගොස් ඇතැයි මාලඹේ පොලිසිය පවසයි.
Read Moreමාස 06ක කාලයක් සඳහා ධීවර ජනතාව වෙනුවෙන් විශේෂ ඉන්ධන සහනාධාරයක් ලබා දීමට කැබිනට් මණ්ඩලය තීන්දු කල බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
Read More