පාතාල නායකයින්ගේ නම් පවසමින් ව්‍යාපාරිකයන් බිය ගන්වා කප්පම් ගැනීමේ නිරත වූ පුද්ගලයන් දෙදෙනෙකු ගිනි අවි සහ ජීව උණ්ඩ සමඟ අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය කියයි.
සීදූව පොලිස් වසමේ කිදිගොඩ බෙල්ලාන වත්ත ප්‍රදේශයේ හෝටයලක් තුළ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කරමින් ෆේස්බුක් සාදයක් පවත්වන බවට සීදූව පොලිස් ස්ථානයට ඊයේ (22දා) ලද පැමිණිල්ලක් මත වැටලීමක් සිදුකර ඇත.
Read Moreබලන්ගොඩ බෙලිහුල්ඔය සංචාරක කලාපයේ කිංචිගුනේ ප්‍රදේශයේ සමනල වැව ආශ්‍රිතව කයාක් සංචාරක බෝටිටු සේවයක් ඊයේ (22 දා) සිට රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි, බලන්ගොඩ සහ ඉඹුල්පේ ප්‍රදේශිය සංවර්ධන කමිටු සභාපති වසන්පුෂ්පකුමාර මහාතාගේ සහභාගිත්වයෙන් ආරම්භ විය.
Read Moreපාරම්පරික වෛද්‍යවරයකුගෙන් රුපියල් ලක්ෂ 5 ක අල්ලස් මුදලක් ඉල්ලා ලබා ගැනීම සහ ඒ සඳහා අනුබල ලබාදීම සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි.
Read Moreයාපනය යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත පේදුරුතුඩුව පොලිසීය සමඟ එක්ව සිදුකල මෙහෙයුමකදී පේදුරුතුඩුව තුම්පලේ මුක්කම් වෙරළ තීරයේ දී නීති විරෝධි ලෙස මෙරටට ප්‍රවාහනය කල රුපියල් මිලියන 60 ක් පමණ වටිනා කේරල ගංජා කිලෝග්‍රෑම් 350 ක් පමණ (පාර්සල් 154) සහ බෝට්ටුවක් අද (22දා) අළුයම් කාලයේදී අත්අඩංගුවට ගෙන තිබේ. මෙම කේරළ ගංජා තොගය ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා පේදුරුතුඩුව පොලිස් ස්ථානයට භාර දී ඇත.
Read Moreකොළඹ නුවර මාර්ගයේ වරකාපොල නැව්ගල ්ගලරදේශයේදී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටි සිදුවූ අනතුරකින් පුද්ගලයින් 35කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.
Read Moreරත්තොට කයිකාවල ප්‍රදේශයේ සැමියා විසින් සිය බිරිඳ 21 රාත්‍රියේ කපා කොටා ඝාතනය කර ඇති බව පොලිසිය කියයි.
Read Moreඅනාගත ප්‍රාථමික සෞඛ්‍ය සේවා සංවර්ධන කාර්යයේ දී හෙදියන්ට විශාළ වගකීමක්, කාර්යක් පැවරෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අවධාරණය කරයි.
Read Moreපාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද 2025 මුදල් වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පතට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව ප්‍රකාරව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ සිය සහතිකය සටහන් කළේය.
Read Moreබස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ හා උතුරු පළාත්වලත් අනුරාධපුර, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
Read Moreසංවිධානාත්මක අපරාධකරුවෙක් වෙන ගනේමුල්ල සංජිව නැමැත්තා ඝාතනය කිරිමේ සිදුවිමට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මාදම්පිටිය පොලිස් වසමේදි 23 හැවැරිදි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreගන්දර පොලිස් වසමේ සිංහාසන ප්‍රදේශයේදි යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකුට වෑන් රථයකින් පැමිණි පුද්ගලයන් පිරසක් කළ වෙඩි තැබිමකින් ඔවුන් දෙදෙනා ජිවිතක්ෂයට පත්ව තිබේ.
Read More2025 අයවැය තෙවන වර කියවීම තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත විය. අයවැය ට පක්ෂව ඡන්ද 159ක් සහ විරුද්ධව ඡන්ද 45ක් හිමිවිය. වැඩි ඡන්ද 114කින් අයවැය තෙවන වර කියවීම සම්මත වුණි.
Read Moreවැලිගම පැලෑණ W 15 හෝටලය ඉදිරිපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාතර අධිකරණය වෙත පැමිණ භාර වු කොලඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් හය දෙනා රුපියල් ලක්ෂ 10 බැගින් වු ශරීර ඇප දෙක බැගින් මුදා හරින ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා අද (21) නියෝග කලේය.
Read Moreකෙටි කාලයකදී රුපියල් කෝටි ගණනක් මුදල් ඉපයු බව කියන නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි නමැත්තිය වසර ගණනාවක් පුරා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග සබඳතා පවත්වමින් ගනුදෙනු කර ඇතැයි රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් රාජකරුණා මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා හමුවේ අද (21) පැවසීය.
Read Moreමාතර වැලිගම ‘ඩබ්ලිව්. 15’ හෝටලයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් සැකකරුවකු වශයෙන් නම්කර නොමැති කොළඹ අපරාධ කොට්ඨාශයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි නෙවිල් ද සිල්වා මහතා හැර එම කොට්ඨාශයේ අනෙකුත් නිලධාරීන් හත්දෙනා අත්අඩංගුවට නොගන්නා බවට නීතීපතිවරයා දී තිබූ එකඟතාවය තවදුරටත් දීර්ඝ නොකිරීමට අභියාචනාධිකරණය අද (21) නියෝග කළේය.
Read Moreඑකලස් කළා යැයි කියන වී-8 වර්ගයේ සුඛෝපභෝගී මෝටර්රථය සම්බන්ධයෙන් කරන විමර්ශන වලට අදාළව රහස් පොලිසිය තමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මෙනවියට අපේක්ෂිත ඇප ඇයැදුම් පත්‍රයක් අද (21) ඉදිරිපත් කළේය.
Read Moreශ්‍රි ලංකා ගුවන් හමුදා කටුනායක මූලික කඳවුරේ පිහිටි ගුවන් හමුදා ප්‍රහාරක අංක 5 ප්‍රහාරක බලඝනයට අනියුක්ත් කර ඇති ගුවන් නියමුවන්ගේ උසස් පුහුණුවිම් සඳහා යොදාගනු ලබන කේ 8 වර්ගයේ ගුවන් යානය කඩා වැටිම පිලිබඳව විමර්ෂණයට ගුවන් හමුදාපති විසින් විශේෂ පරික්ෂණ කමිටුවක් පත්කර තිබේ. සාමජිකයන් හත් දෙනෙකුගෙන් යුත් කමිටුවක් මේ වෙනුවෙන් පත්කර තිබේ.
Read Moreඇදුම රෝගය උත්සන්න වී මාතර මහ රෝහලට පැමීණි දස හැවිරිදි දරුවෙකුට අවශ්‍ය ඇස්තලින් සොලූෂන් නැමැති ඖෂධය එම අවස්ථාවේ නොමැති වීම නිසා සංවේදී වු ලමා රෝග විශේෂඥ වෛද්‍ය සමත් සමිත සෝමරත්න මහතා ඊයේ (21) එම රෝහලට අදාල වර්ගයේ ඖෂධ තොගයක් සිය පුද්ගලික වියදමින් පරිත්‍යාග කලේය.
Read Moreමෙවර පළාත් පාලන මැතිවරණයේදී වැඩිම නාම යෝජනා ප්‍රතික්ෂේප වීම මහනුවරින් වාර්තා වූබවත් ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කය සඳහා ඉදිරිපත් වූ නාම යෝජනා පත්‍ර 210 න් 58ක් ප්‍රතික්ෂේප වූ බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා පවසයි.
Read Moreඅයවැය තෙවැනි වර කියැවිමේ ඡන්ද විමසිම අද දිනයේදි පැවැත්විමට නියමිතය. ඒ අනුව අයවැය කාරක සභා විවාදයේ අවසන් දිනය අදයි.
Read Moreග්‍රෑන්ඩ්පාස්, නාගලගම්වීදිය ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු කළ වෙඩි තැබිමකින් පුද්ගලයන් දෙදෙනෙක් තුවාල ලැබිමේ සිදුවිම සම්බන්ධයෙන් සැකපිට 24 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
Read Moreබස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ හා උතුරු පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
Read Moreපොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වි තිබේ. ඔහුගේ ඉල්ලා අස්විමට අදාළ ලිපිය වැඩබලන පොලිස්පති ප්‍රියන්ත විජේසූරිය මහතා වෙත යොමුකර තිබේ.
Read Moreගුවන් හමුදා පුහුණු ගුවන් යානයක් 21අලුයම වාරියපොල පොලිස් වසමේ මිනුවන්ගැටේ ප්‍රදේශයේ පොල් වත්තකට කඩා වැටී ඇති බවත් එහි සිටි නිලධාරින් දෙදෙනා දිවි බේරා ගෙන ඇති බවද පොලීසිය පවසයි.
Read Moreරුපියල් එක් කෝටි හැත්තෑ අට ලක්ෂයක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් ඉකුත් සති දෙකක කාළය තුළ කොළඹ මධ්‍යම හුවමාරුව තුළ භාර ගැනීමට නොපැමිණි පාර්සල් තුළ තිබී ශ්‍රී ලංකා රේගුවේ තැපැල් තක්සේරු අංශයේ නිලධාරීන් විසින් 03/19 දින පස්වරුවේ සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබේ.
Read Moreදේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත අද (20) පාර්ලිමේන්තුවේ සංශෝධන රහිතව සම්මත විය.
Read Moreවැලිගම පැලෑණ W15 හෝටලය ඉදිරීපිට සීදුවු වෙඩි තැබීමේ සීද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් කර ඇති අනිවාර්ය නිවාඩු යැවු පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාට එල්ල වී ඇති චෝදනා නවය පහත පරිදි වේ.
Read Moreලබන 03 වැනි දින දක්වා රිමාන්ඩ් භාරයට පත් කල අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා නුවර දුම්බර බෝගම්බර බන්ධනාගාරය වෙත රැගෙන ගිය බව බන්ධනාගාර ප්‍රකාශකයෙකු “අද” ට පැවසීය.
Read Moreබදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය (TIN) තවමත් ක්‍රියාත්මක නැහැ - කාරක සභාව හෙළි කරයි කැසිනෝ නියාමකයෙකු නිසි ලෙස ස්ථාපිත කිරීමට අමාත්‍යාංශය අපොහොසත් වීම පිළිබඳව කාරක සභාවේ අප්‍රසාදය
Read More