saravita-anim2

2025 පෙබරවාරි මස 24 වන සඳුදා

2025 පෙබරවාරි මස 24 වන සඳුදා

Latest News - timelapse 142 hours ago

LATEST

සෞඛ්‍ය හා ජනමාධ්‍යයට ඇමෙරිකාවේ සහාය අඛණ්ඩව

calendar_today 2025 ජන 22 - 17:48 remove_red_eye - 128  

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි ජේ.චංග් (Julie J.Chung) මහත්මිය අතර හමුවක් ඊයේ (21) පස්වරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිදුවිය.

මෙරට පාසල්වල 6 ශ්‍රේණියෙන් ඉහළ සිසුවියන් ගේ සනීපාරක්ෂක ගැටළුවලට විසඳුම් ලබාදීම අරමුණු කරගත් සාකච්ඡාවක් අද දින අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්වෙන ලදී.

Read More

සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියේ ප්‍ර වේශ පත්‍ර අලෙවිය මේ වන විට ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Read More

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට රැදී සිටින විජේරාම මාවතේ අක්කර එකයි පර්චස් 13ක ඉඩමේ සකස් කර ඇති නිල නිවස වර්ග අඩි 33000ක් පමණක් බවත් රජයේ තක්සේරුව අනුව එම දේපලේ වටිනාකම රු. කෝටි 350ක් පමණ වන බවද ජනපතිවරයා පැවැසිය. එහි මාසික කුලිය රුපියල් ලක්ෂ 46ක් පමණක් වන බවට තක්සේරු දෙපාර්තමේන්තුව ගණන් බලා ඇති බවද ජනපතිවරයා සඳහන් කළේය.

Read More

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් අද (22දා) පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් තුනක් පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිට වෙත භාර දී තිබේ.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය එහි සභාපති ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ මුලිකත්වයෙන් ඊයේ (21) පාර්ලිමේන්තුවේදී රැස් විය. මේ අවස්ථාව සමගින් සංසදයේ නියෝජ්‍ය සම සභාපතිවරුන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ චමින්ද්‍රානි කිරිඇල්ල සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ මහත්මින් ද සහභාගිවී සිටියහ.

Read More

කුකුළු මස් කොටස් චීනයට අපනයනය සඳහා ශ්‍රී ලංකාවට අවස්ථාව හිමිවී ඇති බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා දන්වා සිටිනවා.

Read More

බහරේන් රාජ්‍යයේ රැකියා සඳහා සංචාරක වීසා මාර්ගයෙන් ඇතුළුවීම තහනම් කිරීමට එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් පියවරගෙන ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. පෙබරවාරි මස 13 දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නීතිය බලාත්මක කෙරේ.

Read More

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විට ගොවින් දැඩි අපහසුතාවයකට පත් වීම හේතුවෙන්, තෙත වී මිලදී ගැනීමේ වැඩ පිළිවෙලක් රජයේ මැදිහත්වීමෙන් ආරම්භ කල යුතු බවත් සුළු හා මධ්‍යම පරිමාණ සහල් කර්මාන්තකරුවන් ලෙස තමන්ට ඒ සඳහා රජයට සහාය දැක්විය හැකි බවත් ජාතික සහල් කර්මාන්ත කරුවන්ගේ සම්මේලනයේ ලේකම් ඩබ්ලිව්. ඒ.ආර්.කේ.වික්‍රමාරච්චි පැවසීය.

Read More

ප්‍රවීන ගායන ශිල්පී අනිල් භාරතී මහතා අද (22දා) අභාවප්‍රාප්ත විය.

Read More

දිවයින පුරා වී ගබඩා පිළිසකර කිරීම් සහ යථාතත්වයට පත් කිරීම් යටතේ දින දෙකකදී ගබඩා 30ක් සකස් කිරීම අවසන් කර තිබෙන බව යුද හමුදා මුලස්ථානය සඳහන් කරයි.

Read More

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පසුගිය වසර අටක කාලයෙහි ලොකු ලූනු බීජ නිෂ්පාදන ව්‍යාපෘති දහයක් ක්‍රියාත්මක කිරිම සඳහා රුපියල් තිස්තුන් කෝටි, හැත්තෑ එක් ලක්ෂ, හැත්තෑදහස්හත්සිය අනුදෙකක මුදලක් (337,170,792) වැයකොට ඇතත් දේශීය ලොකු ලූනු බීජ නිෂ්පාදනය සියයට 84කින් පහළ ගොස් ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.

Read More

මහනුවර නාගරික අපජල කළමනාකරණ ව්‍යාපෘතියේ රුපියල් මිලියන 39ක ව්‍යාපෘති අරමුදල් භාවිත කරමින් මිලදී ගෙන තිබූ ලෑන්ඩ් කෲසර් ප්‍රාඩෝ වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථය ව්‍යාපෘතියේ කටයුතු සඳහා භාවිත නොකර ජලසම්පාදන අමාත්‍යාංශයේ ඇමති කාර්ය මණ්ඩලය සඳහා භාවිත කිරීමට ලබාදී ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.

Read More

ටෙන්ඩර් පටිපාටියකින් තොරව ගව ඝාතකාගාරයක් පවත්වාගෙන යාමට බලපත්‍ර ලබාදීම පිණිස ව්‍යාපාරිකයන් දෙදෙනකු ගෙන් රුපියල් ලක්ෂ 15 ක මුදලක් ලබාගත් බව කියන හිමි නමක අද අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි.

Read More

කොස් ගසක අතු කපමින් සිටියදී, කොස් අත්තක් අධි බලැති විදුලි රැහැනක ගැටීම හේතුවෙන් 15 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (21දා) ජීවිතක්ෂයට පත් වූ බව හුරිගස්වැව පොලිසිය පවසයි.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් ගිවිසුමෙහි සංශෝධන කිහිපයක් සිදු කර ඇති බවත්, ඉදිරි කාල සීමාවෙහිදී කළ හැකි ගැලපීම් සමාලෝචනය කර තවදුරටත් සහන ලබා දීමට සුදුසු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය කැපවී සිටින බවත් මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පැවසීය.

Read More

ඓතිහාසික සබරගමුව මහ සමන් දේවාලය සතු භාණ්ඩ වට්ටෝරු පොතේ ඇත් දළ යුගළ දෙකක ඌනතාවයක් ඇති බවට බෞද්ධ කටයුතු කොමසාරිස් විසින් පැමිණිල්ලක් යොමු කර ඇතයි රත්නපුර කොට්ඨාශ අපරාධ විමර්ශණ කාර්යාංශය පවසයි

Read More

ඉන්දීය ණය ආධාර යටතේ උතුරු දුම්රිය මාර්ගයේ මහව සහ අනුරාධපුර අතර කොටස නවීකරණය කිරීමේදී ආබාධිත සහිත පුද්ගලයන්ට ප්‍රවේශ පහසුකම් නොසලසා ආබාධිත පුද්ගලයින් නොසලකා හැර, එම දුම්රිය මාර්ගය නිසි ප්‍රමිතියකින් තොරව, ඉදිකර ඇති බවට චෝදනා කරමින් ආබාධ සහිත කාන්තාවන්ගේ සංගමය අනුරාධපුර මහාධිකරණයට ඉදිරිපත් කල පෙත්සමක් සලකා බැලූ අනුරාධපුර මහාධිකරණ විනිසුරු නලින්ද හේවාවසම් මහතා ප්‍රවාහන මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා සහ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඇ

Read More

මේ වන විටත් රටින් පිටතට ගෙන ගොස් ඇති වත්කම් රාජසන්තක කර නැවත රජයට පවරා ගැනිමට අදාළව අපරාධයකින් උත්පාදිත දෙය පිළිබඳ පනත් කෙටුම්පතට නීතිපති නිශ්කාශනය ලැබී තිබේ.

Read More

සියලු දෙනාට අධ්‍යාපනය ලබා දීමේ අරමුණින් ක්‍රියාත්මක පාසල් පෝෂණ වැඩසටහන වන පාසල් සිසුන්ට දිවා ආහාර වේල ලබාදීමේ වැඩසටහනට කැබිනට අනුමැතිය ලැබී තිබේ.

Read More

රුපියල් තුන් කෝටි හැට හතර ලක්ෂ අසූ දහසක් වටිනා ’’හෂීෂ්’’ සහ ’’කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි විදේශිකයෙකු 01/21 දින දහවල් ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

Read More

මධ්‍යම පළාතේ පවතින අධික වර්ෂාව හේතුවෙන් ගල් පෙරළීම ඇතුලුව අවදානම් තත්ත්වය නිසා මහනුවර මහිංගණය ප්‍රධාන මාර්ගය තව දුරටත් රාත්‍රී කාලයේ වසා දැමීමට පියවර ගත් බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා පවසයි.

Read More

මම හිතනවා මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයාට මේක තේරුම් ගන්න පුළුවන් ඇති කියලා. කියනකම් ඉන්න දෙයක් නෑ යන්නයි තියෙන්නේ. එක්කෝ ඒක ගෙවාගෙන ඉන්න පුළුවන්.එතුමාට කරදඩු උස්වුණ දරුවන් තිදෙනෙක් ඉන්නවා. එයාලට තමන්ගේ අම්මා තාත්තා බලාගන්න පුළුවන්. මේක සියලුම හිටපු ජනපතිවරුන්ට අදාළයි”

Read More

කාර්ය මණ්ඩලය හා පහසුකම් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් පසුගිය ආණ්ඩුව විසින් මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ආරම්භ කරනු ලැබූ මහාචාර්ය ඒකකය ඉන් ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

Read More

දවුලගල පොලිස් වසමේ හපුගහයට තැන්න ප්‍රදේශයේදී 18 හැවිරිදි පාසල් සිසුවියක පුද්ගලයෙකු විසින් පැහැරගෙන යාමේ සිද්ධියවු දිනයේදී පොලිසිය නිසි ලෙස රාජකාරී නොකිරීමේ චෝදනා මත එම පොලිස් ස්ථානයේ එදින වැඩ බලන ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ නිලධාරියාගේ වැඩ තහනම් කොට කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියක සහ උප පොලිස් පරීක්ෂකවරයෙකු ස්ථාන මාරු කිරීමට පියවර ගෙන තිබේ.

Read More

අනුරාධපුර පොලිස් වසමේ ගල්වල හන්දිය ප්‍ර දේශයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතා රථ වාහන රාජකාරී යෙදී සිටි රථවාහන නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් රථ වාහන නීතියට අනුකූල නොවී ක්‍රියා කිරීම සම්බන්ධව ශ්‍රී ලංකා පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

Read More

‍පොලොන්නරුව ප්‍රදේශයට නොකඩවා ඇදහැලේන වර්ෂාවෙන් සුංගාවිල සොමාවතිය චෛත්‍යය මාර්ගයේ ජලයෙන් යටව් ඇති අතර සෝමාවතී චෛත්‍යය පුජා භුමියේද ජලයෙන් යටව් තිබේ.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විමර්ශනයන් පැවැත්වීමෙන් අනතුරුව ආයතන 1988 අංක 30 දරන බැංකු පනතේ 83 (ඇ) වගන්තිය උල්ලංඝනය කරමින් තහනම් පිරමීඩාකාර යෝජනා ක්‍රම පවත්වා ඇති බවට නිර්ණය කර ඇති අතර, එකී ආයතන මහ බැංකුව විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

Read More

උතුරු අර්ධ ගෝලයේ සිට ශීත කාලයේදී සමකය ආසන්න රටවලට පියාසර කරන short-eared owl (Asio flammeus) හෙවත් කෙටි කන් බකමූණෙකු, වර්ෂ ගණනකට පසු මෙරට අහසෙහි නිරීක්ෂණය වී තිබේ.

Read More

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.